සාමනේර භික්ෂූන් වහන්සේ පස් නමකට පිරිවෙන් අධ්‍යාපනය අහිමි වෙලා

වරකාපොළ ටැම්පිටි විහාරයේ

සාමනේර භික්ෂූන් වහන්සේ පස් නමකට පිරිවෙන් අධ්‍යාපනය අහිමි වෙලා

වරකාපොළ බුරුන්නාව ශ්‍රී නාගරුක්ඛාරාම ටැම්පිටිය විහාරයේ මෑතකදී මහණ කරනවන ලද කුඩා සාමණේර භික්ෂුන් වහන්සේ පස් නමක් අසල් වැසි පිරිවෙන් වලට ඉගෙනීමට භාර නොගැනීම නිසා විහාරස්ථ දායක සභාව කනස්සල්ලෙන් පසු වෙති. 2600 සම්බුද්ධ ජයන්තිය නිමිති කරගෙන මේ කුඩා දරුවන් මහණ කරන ලද්දේ පොළොන්නරුව මහියංගණය වැනි ප්‍රදේශවලිනි. පන්සල වටා නාපේ, මාහේන, ආදී පිරිවෙන් තුනක් තිබේ.

සාමනේරවරුන් පස්නම

මේ පිළිබඳ අදහස් දක්වන විහාරාධිපති විහාරගම ජිනවංශ හිමියෝ මෙසේ පැවැසූහ. මේ සම්බුද්ධ සාසනය ආරක්ෂා කිරීම සඳහා වයස අවුරුදු 11, 12, 13 කුඩා දරුවන් මහණ කරවීමට සොයා ගැනීම සඳහා මමත් විහාරස්ථ දායක සභාවත් මහත් වෙහෙසක් දැරුවා. මේක පුරාණ පන්සලක්. විහාරස්ථ දායක සභාව මෑතකදී ආවාස මන්දිරයක් හදලා මාව එක්කරගෙන ආවා. ඒ නිසා මම මෙහි නැවතුණා.

විහාරස්ථාදායක සභාවේ සභාපති ඩී. ආර්. සෝමදාස මහතා පන්සලට වැඩි ආදායම් නැහැ. මේ පන්සලට ගෙවල් 285ක පමණ දායකත්වය ලැබෙනවා. ඉගනීම කටයුතු සහ බෞද්ධ වැඩකටයුතු කියා දෙන්නේ ගිහි අයයි. මේවා කරන්න අපට බැරි නිසයි ස්වාමීන්වහන්සේ නමක් සොයා ගෙන කුඩා දරුවන් පස් දෙනෙක් මහණ කෙළේ. ඒ අයට අද ඉගන ගන්න තැනක් නැතිව මහත් වේදනාවෙන් පසු වෙනවා. කෑගල්ලේ වැනි පිරිවෙන්වලට යවන්න අපට මුදල් නැහැ. එනිසා මේ පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා