ලාහෝර් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් හසුවෙයි

ලාහෝර් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් හසුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නගරයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පාකිස්තාන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු කුවාරි ඕමාර් අර්බබි නමින් හඳුනාගෙන ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පසුගිය වසරේ මාර්තු මාසයේ දී පාකිස්තානයේ කළ සංචාරයක් අතරතුරදී ලාහෝර් නගරයේදී මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් පුද්ගලයන් අට දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලැබූහ. පාකිස්තාන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ලාහෝර් නගරයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. තවද මේ පුද්ගලයා පාකිස්තානයේ ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇතැයිද තානාපති ආරංචි මාර්ග කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා