රන් පදක්කම්ලාභී කී‍්‍රඩා සූරිය

රන් පදක්කම්ලාභී කී‍්‍රඩා සූරිය

පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා තරගයේදී ප්‍රවීනයන්ගේ මීටර් 100 හා 200 තරගවලින් ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් රන් පදක්කම් ලබාගැනීමට මාතර පොලිසිය නියෝජනය කළ කාන්තා පොලිස් සැරයන් කේ. ආර්. කේ. ඩී. ගුණවර්ධන සමත්වූවාය.

2009 වර්ෂයේදී ද පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා තරගයේදී ප්‍රවීනයන්ගේ මීටර් 100 හා මීටර් 200 තරග ඉසව් තුළදී ප්‍රථම ස්ථානය දිනාගනිමින් රන් පදක්කම් හිමිකර ගන්නා ලද්දේ ද ඇය විසිනි. මාතර - කොකාවෙල මහ විදුහලින් මූලික අධ්‍යාපනය ලැබූ ඇය වැඩිදුර අධ්‍යාපනය ලද්දේ මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයෙනි.

පාසල් අවදියේදීද පළාත් හා ජාතික මට්ටමින් පැවති ධාවන තරගවලදී මීටර් 100, මීටර් 200, මීටර් 400 යන තරග ඉසව්වලින් දක්ෂකම් දක්වා රන් පදක්කම් හා රිදී පදක්කම් දිනා ගැනීමට ඇය සමත්වූවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා