මහනුවර නගරයේ රාත්‍රී කාලයේ මෝටර් රථ ධාවන තරග

මහනුවර නගරයේ රාත්‍රී කාලයේ මෝටර් රථ ධාවන තරග

විදේශීය සංචාරකයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති මහනුවර නගරය කේන්ද්‍රකොට ඔවුන්ගේ සහයෙන් වසරක් පාසා රාත්‍රී කාලයේ මෝටර් රථ ධාවන තරග පැවැත්වීමට කටයුතු සූදානම් කෙරේ. මේ වන විට විදේශ රටවල් ගණනාවක් රාත්‍රී කාලයේ මහනුවර නගරයේ මෝටර් රථ ධාවන තරග පැවැත්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමුකර ඇති හෙයින් මෙම තරග පැවැත්වීම සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය ද අවධානය යොමුකරන බව, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

ඉන් මහනුවර නගර පරිසරය පිළිබඳව ජාත්‍යන්තරව ඇගයීමක් ඇතිකිරීම සඳහාත්, සංචාරක ව්‍යාපාරය සඳහා දායකත්වය සැපයීම සඳහාත්, මහත් පිටිවහලක් සැලසෙනු ඇතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මේ වන විට රාත්‍රී 7 – 8 වන විට පාළු ස්වභාවයක් උසුලන මහනුවර නගරයේ වෙළඳ සංගම් සමඟ සාකච්ඡා කොට රාත්‍රී 9.00 පමණ තෙක් වෙළෙඳසැල් විවෘත කර තැබීමටත්, ඊට සමගාමීව රාත්‍රී බස් රථ සේවයක් ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය කටයුතු සකසන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා