NDB බැංකුව 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය සමඟ...

NDB බැංකුව 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය සමඟ...

ග්‍රාමීය ජනතාවගේ විවිධ වූ ව්‍යවසායික අවශ්‍යතා සඳහා විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින් මෙම මස බුත්තල දී පැවැත්වෙන “දැයට කිරුළ” ප්‍රදර්ශනය සඳහා NDB බැංකුව ද සහභාගී වේ. වසර ගණනාවක් තිස්සේ දිවයිනේ සාර්ථක ව්‍යවසායකයින් රැසකට මූල්‍යය ශක්තිය ලබා දුන් NDB බැංකුව නිරන්තරයෙන්ම විශ්වාස කරනු ලබන්නේ දේශයේ තිරසාර දියුණුවක් උදෙසා ව්‍යවසායික සංස්කෘතියක් අවශ්‍ය බවයි. මේ නිසාම ව්‍යවසායික අවශ්‍යතා වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයමින් ජනතාවට සවිබල ගැන්වීමට ව්ච්ඕ බැංකුව නිරන්තරයෙන්ම කැප වී සිටියි.

වසර ගණනාවක් තිස්සේ NDB බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘතීන් රැසක් ආරම්භ කිරීමට සහය දක්වා ඇත. දිවයින පුරා ව්‍යාපෘතීන් 35,000 ක් ආරම්භ කිරීමට මූල්‍ය දායකත්වයක් සපයා ඇති NDB බැංකුව මේ තුළින් රැකියා ලක්‍ෂ 500,000 ක් බිහි කරමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්‍ෂේත්‍රය සවිමත් කිරීමට සහයෝගය ලබා දී ඇත. ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට සිය හැකියාවන් වර්ධනය කර ගනිමින් සිය අනාගතය සාර්ථක කර ගැනීම සඳහා ව්ච්ඕ බැංකුව මෑතක දී “දිවි අරුණ” ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

සීඝ්‍රයෙන් සංවර්ධනය කරා ගමන් කරන ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතීන් සමග අත්වැල් බැඳ ගනිමින් දේශය යළි ගොඩනැගීම හා යටිතල පහසුකම් දියුණුකිරීම මෙන්ම කාර්මික සංවර්ධනය ද අපේක්‍ෂාවෙන් ධීවර නිෂ්පාදන, හෝටල් හා සංචාරක, කෘෂිකාර්මික, ප්‍රවාහන සහ වෙළෙඳ ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ක්‍ෂේත්‍රයේ කර්මාන්ත රැසක් වෙනුවෙන් ව්ච්ඕ බැංකුව සිය මූල්‍ය දායකත්වය ලබාදෙයි.

ව්‍යවසායික මූල්‍ය සේවා සැපයීමට අමතරව දිවයින පුරා ව්‍යවසායකත්වය ප්‍රගුණ කිරීම උදෙසා ගිනුම්කරණය හා පොත් තැබීම, මූල්‍ය හා ගිණුම් නඩත්තුව, කළමනාකරණ කුසලතා වර්ධනය, සුළු හා මධ්‍ය පරිමාණ මූල්‍ය කටයුතු වැනි ක්‍ෂේත්‍ර රැසක පුහුණුව ලබා දීමට NDB බැංකුව ක්‍රියා කරයි. මෙවැනි ව්‍යාපෘතීන් තුලින් NDB බැංකුව බලාපොරොත්තු වන්නේ ව්‍යවසායකයින් සඳහා හුදෙක් තමන්ට පමණක් අවස්ථා නිර්මාණය කර ගැනීම වෙනුවට පොදුවේ සමාජයේ බහුතරයක් වෙනුවෙන් අවස්ථා නිර්මාණය කිරීමට හැකි ව්‍යවසායික ගුණාංගයන් වලින් පිරිපුන් පරම්පරාවක් බිහි කිරීමයි.

දේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ක්‍ෂේත්‍රය දියුණු කිරීමට එලෙස කටයුතු කරන NDB බැංකුව ජනතාව අතර ඉතිරිකිරීමේ වැදගත්කම පිළිබඳ පණිවුඩය ව්‍යාප්ත කිරීම සඳහා “ඉතිරි කරමු, අපි හැදෙමු, රට හදමු” නමින් සිය ජාතික ඉතිරිකිරීමේ ව්‍යාපෘතිය ද පසුගිය අවුරුද්දේ දියත් කරන ලදී. ඉතිරිකිරීම සඳහා වූ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් බැහැර වී සිය එදිනෙදා ජීවිතයේ දී විදුලිය, ජලය, දුරකතන වැනි අවශ්‍යතා ඉටුකර ගැනීමට යාමේදී වැයවන නාස්තිය වලකා ඒ තුළින් එකතුවන මුදල් ඉතිරිකිරීම සඳහා යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මේ ආකාරයෙන් ඉතිරිකිරීම සඳහා හුරුවීම තුළින් ලැබෙන ප්‍රතිලාභය ඒ ඒ පුද්ගලයන්ට මෙන්ම රටට ද දීර්ඝකාලීන වාසියක් බව NDB බැංකුවේ විශ්වාසයයි. ඉතිරිකිරීම, පැවසීමට පහසුවුවත් ක්‍රියාවේ යෙදීමට අපහසු කාර්යයක් බවට පවතින මතයට එරෙහිව යමින් ජනතාවට සිය ජිවින ක්‍රමය වෙනස් කිරිම තුලින් ඉතිරිකිරීම ප්‍රායෝගිකව පහසු කටයුත්තක් බවට පත් කිරීම හා ඒ තුළින් ජනතාවට ප්‍රතිලාභයක් අත්කරදීම මෙහිදී සිදුවේ.

ජනතාව අතර ඉතිරිකිරීමේ පුරුද්ද ඇති කිරීමට වැඩසටහන් රැසක් දියත් කිරන බැංකුව එම කටයුත්ත ක්‍රියාවේ නැංවීම සඳහා පුළුල් පරාසයකින් යුත් ළමා ඉතුරුම් ගිණුම් හා වරප්‍රසාද රැසක් ද හදුන්වා දී ඇත. දරුවන් සඳහා පිරිනැමෙන ආකර්ෂණීය ත්‍යාග ළමා ඉතිරිකිරීමේ ගිණුම් සුරක්‍ෂිත හෙට දිනක් වෙනුවෙන් අද දිනයේ ඉතිරිකරන ජනතාවට සහයක් වීමට ව්ච්ඕ බැංකුව කටයුතු කරනු ලබයි.

NDB බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ක්‍ෂේත්‍රය සඳහා පිරිනැමෙන මෙම සේවාවන් හා පුළුල් පරාසයකින් යුත් වාණිජ බැංකු කටයුතු පහසුකම් පිළිබඳ සියලු තොරතුරු බුත්තල දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ පැවැත්වෙන NDB බැංකු කුටියෙන් ලබාගත හැක. මීට අමතරව ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට දැනුම ලබා ගනිමින් බැංකුව දියත් කළ “ඉතිරි කරමු, අපි හැදෙමු, රට හදමු” ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත්භාවයක් ලබාගැනීමට ද මෙහිදී ජනතාවට අවස්ථාවක් උදාවේ.

NDB බැංකුව පිළිබඳව

මේ වන විට දිවයිනේ වේගයෙන්ම වර්ධනය වන බැංකුවක් වන NDB බැංකුව කලාපීය මාලදිවයින හා බංගලාදේශය තුළද සිය ගමන ව්‍යාප්ත කර ඇත. NDB සමූහයේ ආයතනයක් ලෙස NDB බැංකුවේ ගනුදෙනුකරුවන්ට බැංකු, ප්‍රාග්ධන වෙළෙඳපොළ කටයුතු හා රක්‍ෂණ ඇතුළු පුළුල් පරාසයකින් යුත් සේවා රැසක් අත්විදීමට අවස්ථාව සැලසී ඇත. මේ වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළු දිවයින පුරා ව්‍යාප්ත වී ඇති NDB බැංකුවේ පුළුල් ශාඛා ජාලයෙන් මෙම සියලු සේවා අත්විදීමට දැන් පහසුකම් සලසා ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්