නිදහස් අරගලයේ අතීත සුවඳ

නිදහස් අරගලයේ අතීත සුවඳ

යටත් විජිතවාදී ඉංගී‍්‍රසි පාලනයෙන් නිදහස ලබා වසර 63 ක් සපිරීම සමරණ ජාතික නිදහස් උත්සවය මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික රුහුණු කතරගම පූජා භූමියේයි. රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ මහා ජාතික මහෝත්සවය වෙනුවෙන් මේ වන විට ලහි ලහියේ කතරගම පුදබිම පිබිදෙනු පෙනේ.

සාමාන්‍යයෙන් අපේ රටේ රාජ්‍ය නිදහස් උත්සවය පැවත්වෙන්නේ අගනුවර ගාලු මුවදොර පිටියේ ය. අවස්ථා කීපයක දී පමණක් අගනුවරින් බැහැර නිදහස් උත්සව පැවැත් වූ අවස්ථා දකින්නට ලැබෙතත්, කතරගම ප්‍රදේශයේ ජාතික නිදහස් උත්සවයක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට ය. දකුණෙන් බිහි වූ ජනනායකයෙක් ජනාධිපති ධූරය උසුලන මොහොතක දී දකුණේ කෙළවර පිහිටි ඓතිහාසික කතරගම පුරවරයේ දී ජාතික නිදහස් උත්සවය සමරන්නට තීරණය කිරීම දෛවෝපගත සිද්ධියක් ලෙස සඳහන් කළ හැකි ය.

පරිපාලනය

1818 සිට වර්තමානය දක්වා ඉතිහාසය විමර්ශනය කරන විට ඒ බව ඉතා හොඳින් අවබෝධ වෙයි. අපගේ වෑයම ඒ ඉතිහාසය සිහිපත් කිරීමයි.

ඉංගශ්‍රීසීන් විසින් ඔවුන්ගේ පරිපාලන පහසුව හා වෙනත් සැඟවුණු කරුණු මුදුන්පත් කර ගැනීමේ පහසුව සඳහා වරින්වර ශශ්‍රී ලංකාවේ පළාත් මායිම් වෙනස් කරන ලදී. සිංහල රජ සමයේ රුහුණු - මායා පිහිටි යනුවෙන් බෙදා “ත්‍රි සිංහලය” නමින් හැඳින්වුණු ශශ්‍රී ලංකාව, ක්‍රි. ව. 1833 දී පළාත් පහකට ද, 1845 දී පළාත් හයකට ද, 1873 දී පළාත් හතකට ද, 1886 දී පළාත් අටකට ද, 1889 දී පළාත් නවයකට ද බෙදා වෙන් කරනු ලැබිණ. එහි ප්‍රතිඵලයක් වූයේ අතීතයේ දී රුහුණු රට ලෙස හැඳින්වූ ප්‍රදේශය කුඩා කැබලිවලට කැඩී යාමයි.

බටහිර ආක්‍රමණ

ඒ අනුව පැරැණි රජ දවස කළුතරින් මුහුදට වැටෙන කළු ගඟත්, ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන මහවැලි ගඟත් මායිම්ව දකුණේ පිහිටි රුහුණු රට, ඌව පළාත, මැද පළාත, නැඟෙනහිර පළාත සහ දකුණු පළාත වශයෙන් පළාත් හතරකට බෙදී ගියේ ය. ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් කථා කරන විට කෝට්ටේ රාජධානි සමය විශේෂත්වයක් උසුලන්නේ ප්‍රථම වරට බටහිර ජාතීන් ලංකාව ආක්‍රමණය කිරීම නිසාය. ඒ ක්‍රි. ව. 1505 දී පෘතුගීසී ජාතිකයන් ලංකාව ආක්‍රමණය කිරීමය. ඉන්පසු ලන්දේසීහු ද, අනතුරුව ඉංගී‍්‍රසීහු ද මේ රට ආක්‍රමණය කළහ. වසර දහස් ගණනක් මුළුල්ලේ ජාතියක් වශයෙන් ආරක්‍ෂා කර ගෙන සිටි බොහෝ දේ අපට අහිමි වූයේ මේ බටහිර ආක්‍රමණිකයන් නිසාය. අපේ ආගම, සංස්කෘතිය, ආර්ථිකය, රාජ්‍ය පාලනය දරුණුතම සෝදාපාළුවකට ලක් වූ අතර, ඉංගශ්‍රීසීන් විසින් ක්‍රි. ව. 1815 දී මේ රට ඔවුන්ගේ යටත් විජිතයක් බවට ගිවිසුමක් මගින් අත්පත් කර ගැනීමත් සමඟ අප සතු ජාතික නිදහස ද අපට අහිමි වී ගියේ ය. සැතපුම් දහස් ගණනක් ඈත එංගලන්තයේ විසූ අපට නොපෙනෙන රජ කෙනකුගේ යටත් වැසියන් වීමට සිංහලයාට සිදුවිය.

මහනුවර යුගයේ අවසාන පාලකයා වූ ශශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගී‍්‍රසීන්ට අල්ලා දුන්නේ උඩරට රදළ නායකයන් විසිනි. ඉංගී‍්‍රසීන්ට පක්‍ෂපාතීත්වය දක්වමින් සිංහල ජන ප්‍රධානීන් එසේ කළේ නායක්කර් වංශික රජුන් යටතේ සිදු වූ දේශීය සංස්කෘතියට පටහැනි ක්‍රියා කලාපයට විරෝධය දැක්වීමක් ලෙස විනා ඉංගී‍්‍රසීන්ට රට පාවාදීමට නොවේ. රජ මාළිගය තුළ හා රාජ සභාව තුළ නායක්කර් වංශිකයන්ගේ බලය ක්‍රමයෙන් වැඩි වීමත් සමඟ තම ජාතික හා ආගමික සිරිත් විරිත් මෙන් ම අයිතිවාසිකම් ද අහිමි වී යාමේ අවදානම දුටු සිංහල ජන ප්‍රධානයන්ට අවශ්‍ය වූයේ නායක්කර් බලය අහෝසි කොට යළි සිංහල බලය නංවාලීම ය. රජුට එරෙහිව ඉංගශ්‍රීසීන්ගේ ආධාර අපේක්‍ෂා කළේ ඒ සඳහායි.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඉංගශ්‍රීසීහු, රජු අල්ලා රටින් නෙරැපීමෙන් පසු කළේ උපක්‍රමශීලී ලෙස ගිවිසුමක් අත්සන් කරවා ගෙන රටේ පාලන බලය සියතට ගත්හ. සිංහල ප්‍රධානීන් සිතා සිටියේ රජු අල්ලා ගැනීමෙන් පසු ඇහැළේපොල අධිකාරම්තුමා සිහසුනට පත්වනු ඇතැයි යනුවෙනි. අවසාන මොහොත දක්වා ම ඉංගී‍්‍රසීන් ක්‍රියා කළේ ද ඒ අදහස සිංහල ජන ප්‍රධානයන් තුළ තහවුරු වන අන්දමිනි. ක්‍රි. ව. 1815 මාර්තු මස දෙවැනි දින අත්සන් තබන ලද ඓතිහාසික උඩරට ගිවිසුමත් සමඟ ජාති හිතෛෂී සිංහලයන්ට තමන් කළ අනුවණ ක්‍රියාවේ බරපතළකම අවබෝධ වූයේ ය. ඉංගී‍්‍රසීන් තමන් රැවටූ බව තේරුම් ගත් දේශප්‍රේමීන් වෙතින් ඉංගී‍්‍රසීන්ට එරෙහි පළමු වෙඩි මුරය වූයේ ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ දී ම ය.

ඌවේ කැරැල්ල

ඒ නියමිත වේලාවට පෙර එස වූ ඉංගී‍්‍රසි කොඩිය බිමට ඇද දමා පෑගීමෙන් වාරියපොළ සුමංගල හිමියන් පෑ විරෝධයයි. ඒ අනුව 1818 දී ඌවේ කැරැල්ල හෙවත් සිංහලේ ප්‍රථම නිදහස් සටන ලෙස කරළියට පැමිණි අධිරාජ්‍ය විරෝධී අරගලයට පදනම වැටුණේ 1815 ගිවිසුම අත්සන් තැබීමත් සමඟ ම බව පැහැදිලි වේ.

කෙසේ වෙතත් ඉංගී‍්‍රසීහු රටේ පාලනය සියතට ගත්හ. තම සිතැඟි පරිදි ක්‍රියා කරන්නට ද පටන් ගත්හ. වසර දහස් ගණනක් මුළුල්ලේ මේ රටේ ස්ථාවර ව පැවැති සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරමින් මිෂනාරි අධ්‍යාපනයත්, ක්‍රිස්තියානි දහමත් රටේ ව්‍යාප්ත කරන්නට වූහ. නායක්කර් වංශිකයන්ගෙන් සිදු වූ විනාශයට වඩා දරුණු විනාශයක පෙරනිමිති අධිරාජ්‍යවාදී පාලනය තුළින් දුටු දේශප්‍රේමීහු, ඉංගී‍්‍රසීන්ට විරුද්ධ ව නැඟී සිටීමේ අවශ්‍යතාව අවබෝධ කර ගත්හ. ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමටත්, සන්නද්ධ කිරීමටත් පියවර ගැනුණේ ඒ අනුව ය.

මේ පසුබිම යටතේ අධිරාජ්‍ය විරෝධී මතවාදය ඌව කේන්ද්‍ර කර ගනිමින් මෝදුවෙමින් තිබියදී විශේෂ සිදුවීමක් පැන නැංඟේ ය. එනම් උඩරට රාජ්‍ය උරුමයක් ඇතැයි පවසන පුද්ගලයකු වෙල්ලස්ස ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා කීප නමක් සමඟ සැරිසරණ බවට රාවයක් පැතිරී යාමයි. එසේ පැමිණි අමුත්තා කතරගම දේවාලයට ගොස් වැඳ පුදාගෙන ආයුධ සන්නද්ධ පිරිසක් සමග ඌවේ වෙල්ලස්ස ප්‍රදේශයට පිවිසි බව ද දැනගන්නට ලැබිණ. මේ ආරංචිය ලත් හජ්ජි මුහන්දිරම්, මුස්ලිම් පිරිසක් සමඟ ඒ අමුත්තා අත්අඩංගුවට ගැනීමට වෙල්ලස්සට යද්දී බූටාවේ රාළගේ ග්‍රහණයට හසු විය. දරුණු ගැටුමකට මුලපිරුණේ මේ සිදුවීමෙනි.

මේ සිද්ධිදාමයට මූලික වූ “අමුත්තා” වූ කලි විල්බාවේ හෙවත් දොරේසාමි නම් වූ අයෙකි. ඔහු තමන්ට රාජ්‍ය උරුමයක් ඇතැයි ද ඉංගශ්‍රීසීන් වනසා දමා රාජ්‍ය ලබාගැනීම තම අභිප්‍රාය බව ද සිංහල ජන ප්‍රධානීන් ඇතුළු ජනතාවට ඒත්තු ගන්වා තිබිණ. ඉංගශ්‍රීසීන් කෙරෙහි කළකිරීමෙන් හා වෛරයෙන් සිටි රදළ නායකයෝ විල්බාවේ සමඟ එක්වූහ. සිය දහස් ගණනින් සටන්කරුවන් සංවිධානය කෙරිණි. සියලු ම ඉංගශ්‍රීසි ජාතිකයන් මරා දැමිය යුතු යැයි සඳහන් විල්බාවේගේ නියෝගය ඇතුළත් පත්‍රිකා තැන තැන අලවා තිබිණ. අධිරාජ්‍ය විරෝධය වඩාත් දරුණු අන්දමින් ඉස්මතු වෙමින් තිබිණ.

හජ්ජි මරික්කාර්, විල්සන් හා ඔහුගේ භාෂා පරිවර්තකයා ද ඝාතනය කිරීමෙන් කෝපයට පත් ඉංගී‍්‍රසීහු අතිශය කෲර අන්දමින් ජනයාගෙන් පළිගන්නට වූහ. විල්සන් ඝාතනයට ලක් වූ බූටාව ප්‍රදේශය මුළුමනින් ම ගිනිබත් කළහ. අහල පහළ ගම්බිම් විනාශ කළහ. ජනතාව දිවි බේරාගෙන සැඟවී ගිය ද ඔවුන් සතු සජීවී – අජීවී සියල්ල ඔවුනට අහිමි වූයේය.

රාජද්‍රෝහීන්

1818 ජනවාරි 01 දින නිකුත් කරන ලද ප්‍රකාශයකින් කැප්පෙටිපොළ, ගොඩේගෙදර, ඌවේ අධිකාරම් ඇතුළු ප්‍රධානීන් 17 දෙනකු රාජද්‍රෝහීන් ලෙස නම් කොට ඔවුන්ගේ සියලු දේපළ රාජසන්තක කර ඇති අතර, ඔවුන් අල්ලා දෙන අයට මුදල් තෑගි පිරිනමන බව ද ප්‍රසිද්ධ කර ඇත. එහෙත් ඒ ප්‍රකාශයට කිසිවකුගේ අනුකූලත්වයක් නොලැබීම නිසා එය ද අසාර්ථක ප්‍රයත්නයක් ම විය.

තත්ත්වය වඩාත් දරුණු වන විට රටේ තැන් තැන්වල කඳවුරු ලා සිටි ඉංගශ්‍රීසි හමුදාව අති විශාල ප්‍රමාණයක් කලබල පැවැති ප්‍රදේශවලට කැඳවීමට ඉංගශ්‍රීසි පාලකයන්ට සිදු වූ අතර, 1818 පෙබරවාරි 21 වැනි දින මුළු උඩරට ප්‍රදේශයේ ම යුද නීතිය ප්‍රකාශයට පත් කර ඉන්දියාවෙන් යුද ආධාර ඉල්ලා සිටීමට සිදු විය.

ඌවේ වෙල්ලස්සෙන් ඇරඹුණු අධිරාජ්‍ය විරෝධී අරගලය ඒ වන විට මුළු උඩරට ප්‍රදේශය පුරා විහිදී තිබිණ. වඩාත් ශක්තිමත් වූ සිංහල සටන්කරුවෝ, මහනුවර දළදා මාලිගයේ තැන්පත් කර තිබූ දළදා වහන්සේ ද අත්පත් කර ගත්හ. දළදා වහන්සේගේ හිමිකරුවා සිංහල රාජ්‍යයේ උරුමකරුවා යැයි පැවැති සාම්ප්‍රදායික පිළිගැනීම අනුව, අති විශාල දේශප්‍රේමීන් පිරිසක් ඉදිරියේ “වීර වික්‍රම ශ්‍රී කීර්ති” නමින් උඩරට රජු හැටියට විල්බාවේ හෙවත් දොරේසාමි හඟුරන්කෙත දී අභිෂේක කරන ලදී.

ජයග්‍රහණ

ආචාර්ය, අලුත්වැව සෝරත නාහිමියෝ

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක,

ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, උපාධ්‍යාය

සටන්කරුවන් ජයග්‍රහණ ලබාගන්නා විට ඉංගී‍්‍රසි පාලකයෝ මර්දනය වඩාත් දැඩි කළහ. විල්බාවේ යනු රැවටිලිකාරයකු බව හෙළිදරව් වීමත් සමඟ රදළ නායකයන් අතර අසමඟිකම් ඇති වන්නට විය. නායකයන් එකිනෙකා සටන අතහරින විට සටන්කරුවෝ ද පසුබසින්නට වූහ. අවසාන ප්‍රතිඵලය වූයේ අධිරාජ්‍යවාදීන් විසින් දියත් කළ භීෂණය හමුවේ 1818 ඌව කැරැල්ල අසාර්ථක අන්දමින් අවසන් වීම ය. කැප්පෙටිපොළ, මඩුගල්ලේ ඇතුළු ජන ප්‍රධානීන් 28 දෙනකු මරණීය දණ්ඩනයට ගොදුරු වූ අතර තවත් නායකයන් 35 දෙනෙක් මුරුසි දිවයිනට පිටුවහල් කෙරිණ. භික්ෂූන් ඇතුළු සිය ගණනක් සිරභාරයට පත් වූ අතර, අත්අඩංගුවට පත් විල්බාවේ පසුව නිදහස ලැබූ බව සඳහන් වේ.

ජාතියේ ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණෙන් ඌවෙන් ඇරඹි මේ අරගලය “කැරැල්ලක්” ලෙස නම් කළත් ඇත්තෙන් ම එය හැඳින්විය යුත්තේ “ජාතික නිදහස් අරගලයක්” හැටියට ය. ඒ බව උගත් විචාරකයන්ගේ ද පිළිගැනීමයි. ආනන්ද කුමාරස්වාමි, හෙන්රි මාෂල් වැනි උගතුන් එය හඳුන්වන්නේ “විමුක්ති සටනක්” ලෙසය.

අතිශය ම්ලේච්ඡ ආකාරයෙන් ඌවෙන් ඇරඹුණු නිදහස් අරගලය මර්දනය කළ ඉංගී‍්‍රසි පාලකයෝ දිගින් දිගට ම ඌව හා අවට ජනතාවගෙන් පළිගැනීම් කළහ. ලංකාවේ වෙනත් පළාත්වලට වඩා වැඩි බදු බර ඔවුන් පිට පැටවූහ. කැරළිකරුවන් ඒකරාශී වූත්, ඔවුනට රැකවරණය හා සහයෝගය දෙමින් උදව් කළාවූත් ස්ථානයක් ලෙස කතරගම මහා දේවාලය ද ඉංගී‍්‍රසීන්ගේ පළිගැනීම්වලට ලක් විය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට දේවාලයේ භාරකාරත්වය බලහත්කාරයෙන් සිංහල කපු මහත්වරුන්ගෙන් උදුරා ගත් ඉංගශ්‍රීසීහු, දේවාලය ද්‍රවිඩ හින්දූන්ට භාර දුන්නේ එහි වූ වටිනා වස්තු ද කොල්ලකමිනි. දේවාලය සන්තක බොහෝ දෑ සිංහල කපුවන් විසින් ම ඉංගශ්‍රීසීන් අතට පත් වීමට ඉඩ නොතබා “හොරබොක්ක” නම් ප්‍රදේශයෙහි සඟවා තැබූ බව ද පැවසේ.

අධිරාජ්‍යවාදීන්ට එරෙහි ව සිංහල දේශප්‍රේමීන් විසින් ආරම්භ කරන ලද ජාතික නිදහස් සටනේ් මුල් පියවර ඒ අන්දමින් අවසන් වුවත්, ස්වාධීනත්වය පිළිබඳ ජනමතය අවසන් වූයේ නැත. එය වෙනත් මුහුණුවරකින් යළි ඉස්මතු වන්නේ ද රුහුණෙනි.

1818 නිදහස් අරගලයට සම්බන්ධ බොහෝ නායකයන් ඝාතනයට ලක් වූව ද, සැඟවී සිටි නායකයෝ ඌව ප්‍රදේශය හැර දමා වෙනත් ප්‍රදේශවලට පළා ගියහ. රුහුණේ රාජපක්‍ෂවරු ද ඒ අතර වූහ. ආත්මාරක්‍ෂාව සඳහා රුහුණේ වීරකැටියට නුදුරු මැදමුලනට රාජපක්‍ෂවරුන් පැමිණෙන්නේ ඒ අනුවය.

විරෝධී මතවාද

අධිරාජ්‍යවාදී ඉංගී‍්‍රසි පාලකයන්ගේ තාඩන පීඩනවලට ලක් වූ ගිරුවායේ අසරණ අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී සිටි රාජපක්‍ෂවරු ක්‍රමයෙන් සිය අධිරාජ්‍ය විරෝධී මතවාදය ප්‍රදර්ශනය කරන්නට වූහ. එහිලා පෙරමුණ ගත් ජනතාවාදී ජන නායකයකු වූයේ ඩී. එම්. රාජපක්‍ෂ මැතිතුමා ය. ඉංගී‍්‍රසීන්ගේ අකටයුතුකම්වලට එළිපිටම විරෝධය පෑ එතුමා ජනතා ප්‍රසාදය දිනා ගනිමින් රාජ්‍ය මන්ත්‍රණ සභාව ද නියෝජනය කරන්නට වරම් ලැබීය. ඉංගශ්‍රීසීන් හා ඔවුන්ට බැල මෙහෙවරකම් කළ සිංහල ප්‍රභූ®න් ජනතාව පෙළද්දී රාජපක්‍ෂවරුන් තමන් වෙනුවෙන් සටන් කිරීම පිළිබඳව ගිරුවායේ ජනතාව තුළ පැවතියේ අසීමිත ගෞරවාදරයකි. “රුහුණේ සිංහයා” යන විරුදාවලිය එතුමාට ප්‍රදානය කළේ ජනතාවයි.

ඩී. එම්. රාජපක්‍ෂයන්ගේ ඇවෑමෙන් ඇති වූ හිදැස පුරවන්නට ජනතාව අතරට පිවිසියේ ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමා ය. ඓතිහාසික වශයෙන් රාජපක්‍ෂවරුන්ට උරුම වූ දේශප්‍රේමීත්වය කතාවෙන් මෙන් ම ක්‍රියාවෙන් ද ප්‍රදර්ශනය කළ එතුමා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් ගේ පියාණන් බව මේ වන විට බොහෝ දෙනා දනිති.

අනගාරික ධර්මපාලතුමා ඇතුළු අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමීන් නැඟූ® හඬට කන් නොදී සිටීමට නොහැකි වීමත්, අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිත බවට පත් ව තිබූ පෙරදිග රටවල් තම ස්වාධීනත්වය වෙනුවෙන් සාර්ථක අරගල කරමින් හා ජයග්‍රහණ ලබමින් සිටීමත් තුළ අකමැත්තෙන් වුවත් ශශ්‍රී ලංකාවට ස්වාධීනත්වය ලබා දීමට ඉංගශ්‍රීසීන්ට සිදු විය. 1948 පෙබරවාරි මස 04 වැනි දින ශශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලැබෙන්නේ ඒ අනුව ය. එය සැබෑ නිදහසක් නොවූවත් දේශප්‍රේමීන්ගේ අරගලයේ ජයග්‍රාහී පියවරක් ලෙස හැඳින්වීම සුදුසු ය. එය සැබෑ නිදහසක් නොවූයේ හේතු දෙකක් නිසා ය.

එකක් ලාංකේය රාජ්‍ය පාලනය තුළ ඉංගශ්‍රීසීන්ගේ අධිකාරී බලය “අග්‍රාණ්ඩුකාරයා” නම් වූ එංගලන්තයේ නියෝජිතයා වෙත පැවරී තිබීම යි. අනික ඉංගී‍්‍රසීන්ගෙන් පසු බලයට පත් වූයේ ද අධිරාජ්‍ය ගැති සිංහලයන් පිරිසක් වීමයි. ධර්මපාලතුමා අවධාරණයෙන් කියා සිටියාක් මෙන් ම සුද්දන් මෙරටින් ගියේ ඔවුන්ට කත් අදින කලු සුද්දන් පිරිසක් නිර්මාණය කර තැබීමෙනි. මේ නිසා ම නිදහස ලැබිණැයි කියා නිදහස් අරගලය අවසන් වූයේ නැත.

ඉතිහාසය යනු චක්‍රයක් මෙන් කරකැවෙන්නක් බවට පිළිගැනීමක් තිබේ. 1818 දී ලත් පරාජයෙන් දකුණට පලා ආ රාජපක්‍ෂ පරම්පරාවේ දේශප්‍රේමියකු දේශයේ නායකයා බවට පත් වන්නේ මෙබඳු තත්ත්වයක් තුළ ය. ඒ නායකයා 2005 දී මහජන ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්‍ෂ ය.

සැබෑ නිදහස

බෙදුම්වාදී කොටි සංවිධානය කිසිදා පරාජය කළ නොහැකි දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායමකැයි අධිරාජ්‍යවාදීන් විසින් ම පතුරුවා තිබුණු මත ය. හුදු ප්‍රලාපයක් බව ප්‍රායෝගිකව ම ඔප්පු කරන්නට එතුමා සමත් වූයේ ය. නායකත්වය ද සමඟ ත්‍රස්තවාදය සමූල ඝාතනය කොට සියවස් හතකට පසු ශශ්‍රී ලංකාව එක්සේසත් කරන්නට ද එතුමා සමත් වූයේ ය.

බටහිර අධිරාජ්‍යවාදීන් අපට අහිමි කළ සැබෑ නිදහස අපට ලැබුණේ බෙදුම්වාදී ත්‍රස්තවාදයට තිත තැබීමෙනි. එය බෙදුම්වාදය පරාජය කිරීමක් පමණක් නොව, අධිරාජ්‍යවාදීන් ගේ සිහින මාලිගා සුණු විසුණු කරවන්නක් ද විය. මේ මහා විමුක්ති අරගලයේ දී මහින්ද රාජපක්‍ෂයන්ට යෝධ සවියක් වූයේ රාජපක්‍ෂවරුන් ම බව ද මෙහිලා සිහිපත් කළ යුතු ය.

63 වන නිදහස් සමරු උළෙල මෙවර කතරගම දී පැවැත්වෙන්නේ එදා 1818 දී ඌවෙන් ආරම්භ වී ඛේදවාචකයකින් අවසන් වූ ජාතික නිදහස් අරගලය මෙදා මැදමුලනින් විජයග්‍රාහී ලෙස සාර්ථක වූ පසුබිමක් යටතේ ය. රුහුණට අයත් ඌවෙන් ඇරැඹී රුහුණට ම අයත් මැදමුලනින් ජයග්‍රාහී ව අවසන් කරන්නට එදා මූලික වූ රාජපක්‍ෂවරුන් ම මෙදා මූලික වීම දෛවෝපගත සිද්ධියක් නොවන්නේ ද?

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්