අමිල නිදහස

අමිල නිදහස

සිතුමිණ බදුරුගට කප්රුක සුරබි දෙන
අමිල දේට වැඩි නිදහස සියලු දින
අපි රැක ගනිමු මතු පරපුර නිසා දැන
නිදහස් අසිරි පැතිරේවා සියලු තැන

අවංකවම රට දැය ගැන බැඳුන හිත
දෑ අබිමනින් පිබිදුන ලක් දෙරණ මත
අප හට වීර නරවිරුවෙක් බිහිව ඇත
සැමදා එතුමා නිදහස රකිනු ඇත

ආසියාවෙ අරුමය සිරිලක වේවා
සාමය සමාදානය නිති සුරැ කේවා
අටු කොටු පිරී විස්කම් වැඩ මතු වේවා
ඉතා ඉක්මනින් ජයටැඹ හමු වේවා

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්