ගමට ගෙන ගිය දැයට කිරුළ

ගමට ගෙන ගිය දැයට කිරුළ

ප්‍රදර්ශනයක් යන්න පොදුවේ හුදු කුසලතා ප්‍රවර්ධනයන් උදෙසා පැවැත්වෙන්නක් බව පොදු සමාජීය මතයයි. එහිදී තෝරා ගත් ඉසව් පමණක් ඊට ඇතුළත්ව තිබෙනු අපට දැකිය හැකීයි. එහෙත් මෙම ගතානුගතිකත්වයෙන් මිදී මෙරට ඉතිහාසයේ නව නැම්මක් සටහන් කිරීමට ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයට හැකි වූ බව සඳහන් කළ යුතුයි. තෝරා ගත් ඉසව් ඇතුළත් කොට සැලසුම් සහගතව ඉදිරිපත් කෙරෙන ප්‍රදර්ශනයකට ජාතික අරමුණු ඇතුළත් වීම අගය කළ යුතුය.ඒ අනුව ජනපතිතුමන්ගේ ජයග්‍රහණයෙන් අනතතුරුව එළි දුටු ප්‍රථම දැයට කිරුළ මහත් ජන ප්‍රසාදයකට පාත්‍ර වූ බව නොරහසක්.

එහි ලා විශේෂයෙන් රාජ්‍ය ආයතනයන්ගෙන් සිදුවන කාර්යයන් හා සේවාවන් ජනතාව අතරට රුගෙන යනු ලැබිණි. මෙවර මෙම ප්‍රදර්ශනයට වැඩි වටිනාකමක් එක් වන්නේ ඊට සංවර්ධනයේ අර්ථයන් ගැබ්වීම හේතුවෙනි. කොළඹින් එපිටට ප්‍රදර්ශනය රුගෙන යනුයේ ද ඒ නිසාය. මෙවර එම භාග්‍යය උදා වන්නෙන් ඌව වෙල්ලස්ස ප්‍රදේශයටයි.

ඓතිහාසික වටිනාකම්වලින් හෙබි ඌව වෙල්ලදස්සට එදා මෙදාතුර ලැබුණු අවධානය බෙහෙවින් අල්පය. එහෙත් මෙවර සංවර්ධනය සමඟින් දැයට කිරුළ බුත්තලට ගොස් තිබේ. ඒ සඳහා තෝරා ගත් භූමි භාගය වසර ගණනාවක් කැලෑවට අයිතිව තිබිණි. අක්කර 120කින් යුත් ප්‍රදර්ශන භූමිය කලාප 14 කට බෙදෙයි.

ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් පසු සංවිධාන සංවර්ධධනය පිළිබඳ ඉහළම ප්‍රමුඛතාව ලබන වර්ෂය 2011 වසරයි.එහිදී ජනාධිපතිතුමන් විසින් රට යළි ගොඩ නැඟීම සඳහා විශාල මුදල් සම්භාරයක් වෙන් කොට ඇත.

එකී තිරසාර සංවරිධනය සමඟ දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය ඇරඹෙයි. සෑම රාජ්‍ය ආයතනයකම, පළාත් සභා හා සෑම දෙපාර්තමේන්තුවක්ම නව සංවර්ධන දර්ශනය සමඟ ක්‍රියාත්මක වන ආකාරයන් , ප්‍රායෝගික ක්‍රියාදාමයන් මෙහිදී අත්දකින්නට මහජනතාවට අවස්ථාව උදාවෙයි. එම ආයතන හා ජනතාව ඒකාබද්ධ කිරීම ප්‍රදර්ශනයේ තවත් අපේක්ෂාර්ථයක්. සංවර්ධනය සේම අධ්‍යාපනය ද මෙහිදී ප්‍රමුඛ තන්හි තැබෙනවා.

ලංකාවේ දුෂ්කර දිස්ත්‍රික්කයක් හැටියට සැලකෙන මොණරාගල මේ සඳහා තෝරා ගැනීම තුළ මෙරට ජාතික සංවර්ධන ප්‍රතිපත්තියේ පවතින සුවිශේෂී ලක්ෂණයක් හඳුනා ගත හැකියි. එනම් දුෂ්කර ජනතාවට එහි තිබෙන වටිනාකමෙහි අගයයි. එය මෙරට ජනතාවට නොපිරිහෙළා ඉහළ සිට පහළට කාන්දු වන්නකි.

එසේම අත්‍යවශ්‍ය සේවාවන් වන නිවාස, මහා මාර්ග, අධ්‍යාපන, සෞඛ්‍ය, වාරි මාර්ග, ජීවනෝපාය සංවර්ධන ආදී වැඩ සටහන්වලදී සුවිශේෂී ප්‍රමුඛතාවක් මේ ප්‍රදේශයේ ජනතාවට ලැබෙයි. මිලියන 10,,000 කට වැඩි මුදල් ප්‍රමාණයක් ජනතාවගේ් ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා වැය කෙරෙයි.

එහි දී විවිධ කේෂ්ත්‍ර ඔස්සේ විවිධ සේවාවන් ලබා දෙනු ඇත. ඒ වගේ ම යුද්ධයේ දී යොදා ගත් උපකරණ හා උපාය මාර්ග, ගුවන් හමුදාවේ ගුවන් යානා ප්‍රදර්ශනය කිරීම, ලොව නවීන තාක්ෂණය දරුවන්ට බෙදා දීම ප්‍රදර්ශනයේ දී සිදු කෙරේ.

එම අවස්ථාව මොනරාගලින් එපිටට අපේ දරුවන් සඳහා වන අනාගත ආයෝජනයන්ට දොරටු විවර කිරිමකි. නවීන තාක්ෂණික ලෝකයට ගමේ දරුවන් රැගෙන යෑම මේ යුගයේ හැබෑ අවශ්‍යතාවයි.

මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවන් අතර දැයට කිරුළ ප්‍රදර්ශන භූමිය සංවර්ධනය කිරීම දැකිය හැකිය. මොනරාගල දිස්ත්‍රික්කයේ අනාගත සංවර්ධන කටයුතු සඳහා යොදා ගත හැකි පරිදි මෙම ප්‍රදර්ශන භූමිය ඉදිවනු ඇත.

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය යටතේ් ඊට සමගාමිව නිවාස 2500කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිකිරීම් කටයුතු කෙරෙයි.

මෙය අඩු ආදායම්ලාභීන් සහ තාවකාලික නිවාස ඇති අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙන පරිදි ක්‍රියාවට නැ¼ගුණකි. එහි ලා මෑත ඉතිහාසයේ මෙතරම් නිවාස ප්‍රමාණයක් ඉදි කළ ප්‍රථම අවස්ථාව මෙය වීම සතුටට කරුණකි.

ඒ වගේ ම ප්‍රදර්ශන කුටි තුළින් සංවර්ධනය මූලික ආදර්ශයන් ප්‍රදර්ශනය කිරීම දැක ගත හැකිය. නව නිර්මාණ හා නවීනත ම තාක්ෂණික ඛ්2යාදාමයන් පිළිබඳ ප්‍රායෝගික භාවිතාව පිළිබඳ දැනුම ඊට ඇතුළත්ය.

ජනාධිපතිතුමාගේ් ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් දිනයට සමගාමීව මෙම ප්‍රදර්ශනය ආරම්භ කෙරේ. එහි දී නව සංවර්ධන දැක්ම හා එහි අභිලාසයන් වගේ ම දැනට ඉටු කර ඇති කාරයභාරයන් පෙන්නුම් කරන සුවිශේෂි පැතිකඩක් හඳුනාගත හැකිය.

නිදහස සැමරීමත්, දැයට කිරුළත් එකිනෙකට සමගාමීව ආරම්භ කරන්නේ් මුළු ජාතියට ම නව ජීවයක් ලබා දීමේත් සංවර්ධනය ශක්තිමත් කිරීමේත් මුඛ්‍ය අභිලාෂය ඇතිවය.
 

ගෝඨාභය ජයරත්න

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා

පොදු පහසුකම් අමාත්‍යංශ ලේකම්‍්‍ර


සබැඳි පුවත්