ලිබියාවේ යුද මෙහෙයුම් බටහිර බලවතුන්ගේ උපායමාර්ගයක්

ලිබියාවේ යුද මෙහෙයුම් බටහිර බලවතුන්ගේ උපායමාර්ගයක්

හියුගෝ චාවේස්ගෙන් චෝදනා

ලිබියාවට එරෙහිව අරඹා ඇති අන්තර්ජාතික හමුදා මෙහෙයුම වගවිභාගයක් නැතිව සිදුකරන්නක් බවට චෝදනා කරන වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස්, පවත්නා නොසන්සුන් තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බව කියා තිබේ. මෙම අන්තර්ජාතික යුද මෙහෙයුම බටහිර බලවතුන්ගේ තෙල් සම්පත් ග්‍රහණයට ගැන්මේ උපායමාර්ගයක් බව පවසන ඔහු ලිබියානු ආක්‍රමණය වහා අත්හිටුවිය යුතු බවත්, ලිබියාවේ අභ්‍යන්තරික ප්‍රශ්නයකට බෝම්බ දැමීමෙන් විසඳුම් ලබා දිය නොහැකි බවත් කියා සිටියේය.

“ගඩාෆි පාලනය පෙරලීමේ කැරැල්ල තම වාසියට හරවාගෙන ඇති යැංකි අධිරාජ්‍ය ඔහු නෙරපාලීමට හෝ ඝාතනය කිරීමට තීරණය කර ඇත්තේ ලේ ගංගාවක් මැදින් හෝ තෙල් සම්පත අත්පත් කර ගැනීමට යැයි” චාවේස් පවසා ඇත. ඒ සමඟම වෙනිසියුලා තෙල් සම්පත් ග්‍රහණයට ගැනීමේ අටියෙන් තම රටට පය තැබීමටවත් නොසිතන ලෙසටද ඔහු එක්සත් ජනපදයට අනතුරු අඟවා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා