බලුකිස්තානයේ ගල් අඟුරු ආකාරයක් පිපිරෙයි

බලුකිස්තානයේ ගල් අඟුරු ආකාරයක් පිපිරෙයි

10ක් මිය යති:38ක් අතුරුදන්

පාකිස්තාන ගල් අඟුරු ආකරයේ පිපිරුමෙන් මිය ගිය 24කගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර ඉතිරි 24 දෙනා සොයා ගැලවුම් සේවකයන් පතට බසින අයුරු.
ඒ. එෆ්. පී.

පාකිස්තානයේ බලුකිස්තාන පළාතේ ගල් අඟුරු ආකරයක පෙරේදා ඇතිවූ පිපිරුමකින් එය කඩා වැටී පතල්කම්කරුවන් 10 දෙනකු මිය ගොස් ඇති අතර තවත් 38 දෙනෙකුද මියෙන්නට ඇතැයි බිය පලව තිබේ.

පිපිරුම ඇතිවන අවස්ථාවේ මීටර් 1200ක් ගැඹුරේ පතල්කම්කරුවන් 48 දෙනෙකු සේවයේ නියුතුව ඇත. බලධාරීන් පවසන්නේ අතුරුදහන් 38 දෙනා ජීවතුන් අතර සිටියොත් එය ආශ්චර්යක් වනු ඇති බවයි.

ඈත දුෂ්කර සොරන්ගි දිස්ත්‍රික්කයේ පිහිටි මෙම ආකරය නිසි වාතාශ්‍රයකින් යුක්ත නොවු බවද පැවසේ. එයට විසවායු රොක්වී එහි පිපිරුම් තුනක් හටගැන්මට හේතුවී ඇත.

ගැලවුම් සේවකයන්ට මළ සිරුරු 10 ක් හමුවී ඇති අතර එම මළ සිරුරු පිළිස්සී තිබුණෙන් පිපිරුමත් සමග ගින්නක් හටගෙන ඇති බව පැහැදිලි වන්නේ යැයි පැවසී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා