න්‍යෂ්ටික ගිවිසුමට හා ඔබාමාගේ චිලී සංචාරයට විරෝධය පා උද්ඝෝෂණයක්

න්‍යෂ්ටික ගිවිසුමට හා ඔබාමාගේ චිලී සංචාරයට විරෝධය පා උද්ඝෝෂණයක්

මෑත දී අස්සන් කෙරුණු එක්සත් ජනපද – චිලී න්‍යෂ්ටික ගිවිසුමට හා ඊයේ සිදු කෙරීමට නියමිත වූ එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමාගේ චිලී සංචාරයට විරෝධය පාමින් පෙරේදා එරට සාමකාමී උද්ඝෝෂණයන් දෙකක් පැවැත් වී තිබේ.

ග්‍රීන්පීස් පාරිසරික කණ්ඩායමෙන් සංවිධානය කරන ලද ඔබාමාගේ සංචාරයට එරෙහි ව 2000ක පමණ පිරිසක් උද්ඝෝෂණයේ නියැලුණහ.

ජපන් පරමාණු අර්බුදය මැදම ඉකුත් සිකුරාදා එක්සත් ජනපද – චිලී න්‍යෂ්ටික බලශක්ති ගිවිසුමක් අස්සන් කිරීම උද්ඝෝෂකයන් කුපිත කිරීමට හේතු වී ඇත. චිලියේද ජපානය මෙන් ම පැසිපික් ගිනිවළල්ලේ පිහිටි රටක් වන අතර ඉකුත් වසරේ එහි ඇති වූ 8.8ක භූ®මිකම්පාවද හා පශ්චාත් සුනාමියෙන් 500කට වඩා මියගොස් තිබිණි. මෙවන් භූ කම්පන අවදානම පවත්නා රටක් න්‍යෂ්ටික ගිවිසුම්වලට එළඹීම අවදානම් සහගත බව විපක්ෂ හා පාරිසරික කණ්ඩායම් කියා ඇත.

‘න්‍යෂ්ටික ශක්තිය මාරක ශක්තියයි’ ‘ලිබියානු ආක්‍රමණයත් එපා - න්‍යෂ්ටික ගිවිසුමත් එපා’ ‘ඔබාමා පිළිගත නොහැක්කෙක්’ ආදී සටන් පාඨ උද්ඝෝෂකයන් අතරැඳි පුවරුවල සටහන්ව තිබී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා