යේමනයේ පාර්ලිමේන්තුව හදිසි නීතිය සම්මත කර ගනී

යේමනයේ පාර්ලිමේන්තුව හදිසි නීතිය සම්මත කර ගනී

තරුණ කොටස්වල දැඩි විරෝධය

යේමන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ හදිසි නීතිය එරට පාර්ලිමේන්තුවෙන් පෙරේදා අනුමත කෙරුණේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් මැඩලීමේදී එය සමූහ ඝාතනයන් සිදු කිරීම සඳහා ඉවහල් වනු ඇති බවට තරුණ කොටස් විරෝධය පළ කරද්දීය. හදිසි නීතිය පිළිබඳ යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීමේදී විරුද්ධ පක්ෂය වන අල් ඉස්ලාන් පක්ෂය එයට මුළුමනින්ම එරෙහි වී ඇත්තේ එය ප්‍රෝඩාකාරීත්වය මත පදනම් නීති විරෝධී ක්‍රියාවලියක් බව පවසමිනි.

ඉකුත් සිකුරාදා රාජ්‍ය පාක්ෂිකයන් විශ්වවිද්‍යාලයක් අසල දී විරෝධතාකරුවන් 52 නකු ඝාතනය කිරීමෙන් පසු ජනාධිපති හදිසි නීතිය ප්‍රකාශ කළ අතර පෙරේදා පාර්ලිමේන්තුවේ විශේෂ සැසියකට සහභාගි වූ මන්ත්‍රීවරුන් 164 න් 160 ක්ම එය අනුමත කර තිබිණි. යේමන පාර්ලිමේන්තුව ආසන 301 කින් සමන්විත අතර එදින සැසිය විපක්ෂ කණ්ඩායම් වර්ජනය කර තිබිණි. දශක තුනකට වැඩි කාලයක් යේමනයේ ජනාධිපතිත්වය දරන අලි අබ්දුල්ලා සාලේ ධුරයෙන් ඉවත් විය යුතු බවට විරෝධතා කරුවන්ගෙන් ඔහුට බලපෑම් එල්ල වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා