ලොව පුරා මිලියන 27ක් ජනතාව අවතැන්

ලොව පුරා මිලියන 27ක් ජනතාව අවතැන්

එ. ජා. වාර්තාවක් කියයි

දශකයකදී දැක්වෙන ඉහළම සංඛ්‍යාත්මක අගය පිළිබිඹු කරමින් ස්වභාවික ආපදාවන් සාගත හා යුද්ධ හේතුකොටගෙන ලෝකයේ මිලියන 27.5 ක ජනතාවක් අවතැන් වී ඇති බව පෙරේදා නිකුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව වාර්තාවකින් අනාවරණය කැර තිබේ. 2010 දී පමණක් ගැටුම් හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතු කොටගෙන ලොව පුරා රටවල් 20ක මිලියන 3කට කිට්ටු ජනතාවක් අලුතින්ම අවතැන් වී ඇතැයිද එහි සඳහන් වේ. තවද තව තවත් විශාල වශයෙන් අවතැන් වීම් දිගින් දිගටම සිදුවන බවද එහි ප්‍රකාශ වී තිබේ. මේ වාර්තාවට පදනම් අධ්‍යයනය සිදුකර ඇත්තේ එ. ජා. සංවිධානය සමග එක්වූ නෝවීජියානු සරණාගත කවුන්සිලයයි.

මේ මොහොතේත් අයිවරි කෝස්ට් හි ජනතාව දස දහස් ගණනින් පලා යමින් සිටින බවත් අන්තර් ජාතික ප්‍රජාවගෙන් විසඳුම් සහායක් නොලැබීම ඊට හේතුවී ඇති බවත් නෝර්විජියානු සරණාගත කවුන්සිලය ප්‍රකාශ කර ඇත. ඉකුත් දෙසැම්බරයේ සිට අයිවරි කෝස්ට් හි 500000 ක පමණ ජනතාවක් අභ්‍යන්තරිකව අවතැන්ව සිටින අතර තවත් 100000 ක පමණ ජනතාවක් ලයිබීරියාවට පලාගොස් ඇතැයිද සඳහන්ය. ලොව පුරා අභ්‍යන්තරිකව අවතැන්වූවන්ගෙන් 40 % ක්ම අප්‍රිකානු රටවලට අයත් බවත් සූඩානය කොංගෝව හා සෝමාලියාව ඉන් කැපී පෙනෙන බවත් වාර්තා වේ සඳහන් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා