ලිබියාව ගැන යුරෝපා රටවල් සීරුවෙන්

ලිබියාව ගැන යුරෝපා රටවල් සීරුවෙන්

ලිබියාවේ ක්‍රියාත්මක කර ඇති යුද මෙහෙයුම පිළිඳව සාකච්ඡා කිරීමට යුරෝපා රටවල නායකයන් යළිත් වරක් ඊයේ (24) අතිශය වැදගත් සමුළුවකට සහභාගිවීමට නියමිතව තිබිණි. මේ අතර, පෘතුගාලයේ උද්ගත වී ඇති දේශපාලන අර්බුදය නිසා යුරෝ මුදල් ඒකකයට ඇතිවන බලපෑම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වනු ඇති බව විශ්ලේෂකයෝ පවසති. බ්‍රසිල්හි පැවැත්වෙන මේ දෙදින සමුළුවට යුරෝපා හවුලට අයත් රටවල් 27ක නායකයන් සහභාගී වෙති.

පෘතුගාල අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ පටි තදකරගැනීමේ සැලසුම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, එරට අගමැති ජෝස් සොක්‍රටීස්ට ඉල්ලා අස්වීමට සිදුවිය. ඔහු ඉල්ලා අස්වූයේ මේ වැදගත් සමුළුව පැවැත්වීමට පෙර දිනයේ දීය. ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති පෘතුගාලය ගොඩගැනීම සඳහා ගී‍්‍රසිය සහ අයර්ලන්තය ගොඩනැගීමට ලබාදුන් ආකාරයේ බිලියන ගණනාවක සහන පැකේජයක් ලබාදීමට සිදුවනු ඇතැයි යුරෝපා හවුල විශ්වාස කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා