කොටිකාවත්තට අංග සම්පූර්ණ ආයුර්වේද රෝහලක්

කොටිකාවත්තට අංග සම්පූර්ණ ආයුර්වේද රෝහලක්

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අංග සම්පූර්ණ ආයුර්වේද රෝහලක් ලබාදීමට පියවර ගෙන තිබේ. එම රෝහල කලටුවාවත්ත පුරාණ විහාරස්ථ පරිශ්‍රයේ ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි මහතා කීය.

තවද එම භූමියේම වැඩිහිටි නිවාසයක්ද ඉදි කිරීමට කටයුතු යොදා ඇත. මේ නව කාර්යයන් සඳහා තම සභා අරමුදලින් රුපියල් ලක්ෂ 30 ක මුදලක් වෙන් කර ඇති බවද සභාපතිවරයා කීය. දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමටද ප්‍රදේශයේ අවශ්‍යතාවයක්ව පවතින බව කියන සෝලංගආරච්චි මහතා ඒ සඳහා තකහිෂි පෙර පාසලේ ඉහළ මාලය තෝරාගෙන ඇති බවද පැවැසීය. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 37 කි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා