ඉන්දියාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුණොත් ඉන්දු - පාකිස්තාන සාමය බිඳ වැටෙයි

ඉන්දියාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුණොත් ඉන්දු - පාකිස්තාන සාමය බිඳ වැටෙයි

අගමැති මන්මෝහන්සිං පාකිස්තානයට අනතුරු අඟවයි

මුම්බායි ප්‍රහාරය ආකාරයේ තව එක් ත්‍රස්ත ප්‍රහාරයක් ඉන්දියාවට එල්ල වුවහොත්, න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර සාම ක්‍රියාදාමය බිඳ වැටෙනු ඇතැයි පාකිස්තානය අවබෝධ කරගත යුතු බවට ඉන්දීය අගමැති මන්මෝහන් සිං සෙනසුරාදා අනතුරු අඟවා තිබේ.

පසුගියදා මාලදිවයිනේ පැවැති සාක් රාජ්‍ය නායකයන්ගේ සමුළුව අතරවාරයේදී ඉන්දීය අගමැති මන්මෝහන්සිං, පාකිස්තාන් අගමැති යුසුෆ් රසා ගිලානි දෙරට සාම සාකච්ඡාවල “නව පරිච්ඡේදයක්” ආරම්භ කරන බව බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළහ.

පාකිස්තාන් අගමැතිවරයා තමාට පාකිස්තානයට පැමිණෙන ලෙස ආරාධනය කළ බව මාධ්‍යයට පවසා ඇති ඉන්දීය අගමැතිවරයා, තමා එවැනි සංචාරයක නිරත වන්නේ ත්‍රස්තවාදයට එරෙහිව පාකිස්තානය “ස්ථාවර පියවරක්” ගැනීමෙන් අනතුරුව පමණක් බව අවධාරණය කර තිබේ. පාකිස්තාන් අගමැති ගිලානි සාමයට ඇප කැපවූ නායකයෙක් බව ද ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

ආර්ථික සහ වාණිජ යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉන්දියාවට සහ පාකිස්තානයට ඉදිරියට ගමන් කළ හැකි ප්‍රධාන ක්ෂේත්‍ර වශයෙන් ඉන්දීය අගමැතිවරයා හඳුන්වා දී ඇත.

දෙරටෙහි වාණිජ ලේකම්වරු අද දින (සඳුදා) නවදිල්ලියේදී සාකච්ඡා වටයක් පැවැත්වීමට සූදානමින් සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා