ඉතාලි අගමැති බර්ලුස්කෝනි ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉතාලි අගමැති බර්ලුස්කෝනි ධුරයෙන් ඉල්ලා අස්වෙයි

දැඩි ආර්ථික අර්බුද සහ ලිංගික අපචාර චෝදනා එල්ලවීම නිසා ආන්දෝලනයකට පත්ව සිටි ඉතාලි අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ බර්ලුස්කෝනි 1994 දී බලයට පත්වන විට ඔහුගේ වත්කම් බිලියන දෙකකට පමණ සීමා වූ බව පවසන ෆෝබ්ස් සඟරාව 2000 වසර වන විට එම වත්කම් බිලියන 13 දක්වා වැඩිවූ බව වාර්තා කරයි.

නමුත් ඉතාලිය මුහුණදුන් ආර්ථික සහ මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම වත්කම් දැන් බිලියන 8 ක් පමණ දක්වා අඩුවී ඇතැයි සඳහන් වේ. තමාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වළකාලන ආකාරයේ නීති කීපයක්ම පාර්ලිමේන්තුව ලවා සම්මත කරවා ගැනීමට ද බර්ලුස්කෝනි පසුගියදා කටයුතු කර ඇත.

බර්ලුස්කෝනිගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ඔහුගේ පවුලේ ව්‍යාපාරවලට පහරක් එල්ල වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාතාරිත්වය තුළින් ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීමට බර්ලුස්කෝනි කටයුතු කිරීම ඊට හේතුව බව ද ඔවුහු පවසති.

කෙසේ වෙතත් බර්ලුස්කෝනි තමාට එරෙහිව එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා