ශ්‍රී ලංකා තරගයට ක්ලාක් නෑ

ශ්‍රී ලංකා තරගයට ක්ලාක් නෑ

පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් ලබන 17 වැනිදා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගයට සහභාගි නොවන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේය.

පෙරේදා ඇඩිලේඩ් හිදී ඉන්දියාවට කඩුලු 4කින් පරාජය වූ තරගය අතරතුරදී ක්ලාක් මෙසේ ආබාධයට ලක්වී ඇත.සිය ආබාධය බරපතල එකක් නොවුවත් සිකුරාදා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගයට ක්‍රීඩා නොකරන බව ක්ලාක් පැවැසීය. මේ හේතුවෙන් එම තරගයේ වැඩබලන නායකයා ලෙස උපනායක බ්‍රැඩ් හැඩ්න් හෝ හිටපු නායක රිකී පොන්ටින් පත් කෙරෙනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා