නාවික හමුදාවට ඉනිමක ජයක්

නාවික හමුදාවට ඉනිමක ජයක්

දුලාංජන මෙන්ඩිස්ගේ හා චානක රුවන්සිරිගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගමාලාවේ දෙවැනි කොටස යටතේ වැලිසර පැවැති තරගයෙන් පොලිසිය පරදවා ඉනිමක හා ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.

සුපිරි පන්දු යැවීමක නිරත වූ දඟපන්දු යවන දුලාංජන තරගය පුරා කඩුලු 9ක් දවාලීමට සමත් වූ අතර රුවන්සිරි පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 116 ක් රැස්කිරීමටද පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 5 ක් දවාලීමට ද සමත් විය.

පොලිසිය පළමු ඉනිම 151 – (දුලාංජන මෙන්ඩිස් 53/4) සහ දෙවැනි ඉනිම - 146 – (දුලාංජන මෙන්ඩිස් 41/5, චානක රුවන්සිරි 17/5)

නාවික හමුදාව පළමු ඉනිම – 309 – චානක රුවන්සිරි 116 (මංජුල ජයවර්ධන 70/4)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා