නිලූක ප්‍රබල සටනක් දී තායිලන්තයට පරදී

නිලූක ප්‍රබල සටනක් දී තායිලන්තයට පරදී

චීන මැකාවෝ හි ඊයේ ආරම්භ වූ තෝමස් හා උබර් කුසලාන බැඩ්මින්ටන් තරගාවලියේ දී නිලූක කරුණාරත්න ප්‍රබල සටනකින් තායිලන්තයේ බුන්සාක් පොන්සානා හමුවේ තරග වට 2 – 1 ක පරාජයක් ලැබීය.ජගත් බැඩ්මින්ටන් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම අනුව 20 වැනි ස්ථානයේ සිටින බුන්සාක් සමඟ 63 වැනි ස්ථානයේ සිටින නිලූක 21 – 18, 8 – 21 ක් හා 22 – 20 ක් ලෙස තරගය නිමා කළේය. මේ තරගය මිනිත්තු 56 ක කාලයක් පැවැත්වුණි.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තායිලන්ත ක්‍රීඩකයන් සමඟ තරග 5 කට එක්වූ අතර එම තරග සියල්ල පරාජයට පත්වුණි. ලසිත මේනක 21 – 7, 21 – 15 ක් ලෙස තනොන් සාක් හමුවේ පරාජය වූ අතර රජිත දහනායක 21 – 9 හා 21 – 14 ක් ලෙස සුපන්යාහු හමුවේ පරාජය විය.

යුගල තරගවල දී ලසිත මේනක හා සංකල්ප ගුණවර්ධන 21 – 11 හා 21 – 17 ක් ලෙස ද රජිත දහනායක හා හසිත චානක 21 – 6 හා 21 – 16 ලෙස පරාජයට පත්වුණි.

කාන්තා තරගවලදී ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර පැවැති තරග 5 ක් ද, ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

චන්ද්‍රිකා ද සිල්වා 21 – 14 හා 21 – 8 ක් ලෙස තිළිණි ප්‍රමෝදිකා 21 – 9 හා 21 – 8 ක් ලෙස ලේඛා ෂෙහානි 21 – 17 හා 21 – 11 ලෙස ඉන්දුනීසියානු ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වූහ.

යුගල තරගවලට එක්වූ චන්ද්‍රිකා හා නදීශා ගයන්ත 21 – 16 හා 21 – 8 ක් ලෙස තිළිණි ප්‍රමෝදිකා හා කාවින්දි ඉෂන්දිකා 21 – 9 හා 21 – 11 ක් ලෙස පරාජය වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා