පාර්ලිමේන්තු දෙකක් අතරේ ක්‍රිකට් තරගයක්

පාර්ලිමේන්තු දෙකක් අතරේ ක්‍රිකට් තරගයක්

ශ්‍රී ලංකා ජාතික පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සහ ජාතික තරුණ සේවා සභාවේ යොවුන් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ගේ දැන ඇඳුනුම්කම් වර්ධනය කිරීමේ අපේක්‍ෂාවෙන් සැහැල්ලු පන්දු සීමිත ඕවර් ක්‍රිකට් තරගයක් මාර්තු මස 7 වන දින මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ජාතික පාර්ලිමේන්තු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා විසිනි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතාගේ යෝජනාවක් අනුව මෙම ක්‍රිකට් තරගය පැවැත්වේ.

යොවුන් පාර්ලිමේන්තුවේ ඇති අමාත්‍යාංශ 14 අතරේ ද සුහද ක්‍රිකට් තරග මාර්තු මස 6 වන දින පැවැත්වීමට නියමිතය.

තරුණ කටයුතු හා නිපුනතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම, නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක යන මහත්වරු ද ජාතික පාර්ලිමේන්තු කණ්ඩායමට ක්‍රීඩා කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා