‘මිස්ටර් ශ්‍රී ලංකා’ සංජීව කුමාර

‘මිස්ටර් ශ්‍රී ලංකා’ සංජීව කුමාර

කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සංවිධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ පැවැති 63 වැනි ‘මිස්ටර් ශ්‍රී ලංකා’ ජාතික අයෝමය සූරයා තරගාවලියේදී ‘මිස්ටර් ශ්‍රී ලංකා’ කිරුළ දිනූ නාවික හමුදාවේ ඩබ්. ඒ. සංජීව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය උපාලි කොඩිකාර යන මහත්වරුන් අතින් සූරතාව ලබා ගත් අයුරු. ඡායාරූපය - රංජිත් අසංක

63 වැනි ජාතික අයෝමය පුරුෂයා තරගාවලියේ ‘මිස්ටර් ශ්‍රී ලංකා’ කිරුළ අත්කර ගැනීමට නාවික හමුදාවේ ඩබ්. ඒ. සංජීව රුවන් කුමාර සමත් විය.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ මේ තරගාවලියේ මිස්ටර් ශ්‍රී ලංකා අනුසූරතාව හිමිවූයේ නාවික හමුදාවේ සුභාෂ්, සිරිවර්ධනටය.

තුන්වැනි ස්ථානය ‘නිගම්බු ජිම්’ හී රනිල් සම්පත්ට හිමිවිය. ක්‍රීඩකයන් 160 දෙනකු තරග වැදුනු මෙවර තරගාවලිය ආනන්ද විදුහල් ශාලාවේදී පැවැත්විණි.

ත්‍යාග ප්‍රදානෝත්සවය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය උපාලි කොඩිකාර යන මහත්වැන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙවර ‘මිස්ටර් ශ්‍රී ලංකා’ කිරුළ සමග ජයග්‍රහකයාට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණි.

ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට මීට පෙර සංවිධායක මණ්ඩලය තීරණය කර තිබූ අතර දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතගේ පෞද්ගලික මුදලින් තවත් රුපියල් 50,000ක මුදලක් ලබා දුන් බැවින් මෙසේ මිස්ටර් ශ්‍රී ලංකා සූරතාව සමග ජයග්‍රහකයාට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමට තීරණය කෙරිණි. මේ අවස්ථාවට දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ නීතිඥ සමන් ගලප්පත්ති, සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නීති අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර, බණ්ඩාර සහ පුත්‍රයෝ සමාගමේ අධ්‍යක්ෂ සම්පත් බණ්ඩාර, කායවර්ධන සම්මේලනයේ ප්‍රධාන ලේකම් කපිල කුමාර යන මහත්වරුන් සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා