මෝටර් බයිසිකලයක් සොරාගෙන කොටස් අලෙවි කළ පුද්ගලයෙක් රක්ෂිතයට

මෝටර් බයිසිකලයක් සොරාගෙන කොටස් අලෙවි කළ පුද්ගලයෙක් රක්ෂිතයට

තුරුපැදියක් ප්‍රසිද්ධ ස්ථානයකදී සොරාගෙන එහි කොටස් ගලවා අලෙවි කිරීමේ චෝදනාවට අධිකරණය හමුවට පමුණුවන ලද සැකකරුවකු මේ මස 22 තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා නියම කෙළේය.

විත්තිකරු එල්ස්මෝර්, ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර රුපියල් 1,50,650 ක් වටිනා සොරාගත් යතුරුපැදියේ වෙන්කරන ලද කොටස් ද ඉංගිරිය අවට ස්ථාන කිහිපයක තිබී පොලිසිය සොයාගෙන තිබේ. මීට වසරකට පමණ ඉහත දී අතුරුදන් වූ යතුරුපැදිය පරෙවිතොට දිය ඇල්ලේ දිය නෑමට පැමිණි අයෙකුට අයත් එකකි. ඉංගිරිය පොලිසිය විසින් මේ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා