රත්මලාන දුම්රිය අංගනයේ ඩෙංගු බෝවීමට ඉඩහළ නිලධාරියකුට දඩ සහ සිර දඬුවම්

රත්මලාන දුම්රිය අංගනයේ ඩෙංගු බෝවීමට ඉඩහළ නිලධාරියකුට දඩ සහ සිර දඬුවම්

පිරිසුදු කිරීමේ නිවේදනය පුද්ගලයන් 200ක් නොතකා හැරලා

ඩෙංගු රෝගයෙන් ඉකුත් දින කිහිපය තුළ පුද්ගලයන් දෙදෙනකු මරුමුවට පත් කරවමින් අසාධ්‍ය ඩෙංගු රෝගීන් 21 දෙනකු හමුවූ ඩෙංගු ආසාදිත කලාපයක් වන රත්මලානේ දුම්රිය අංගනයේ ඩෙංගු මදුරු කීටයන් බෝවීමට අනුබල දුන් බවට චෝදනා ලැබූ රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට ගල්කිස්ස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් රුපියල් 17500 ක දඩයක් හා අත්හිටවු සිර දඬුවමක් නියම කරනු ලැබීය.

දුම්රිය වැඩපල තුල තිබු කෝච්චිපෙට්ටි යට ජලය තැන්පත් වී ඇති ස්ථාන ඡායාරූපය - කොළඹ දකුණ සමූහ

දෙහිවල ගල්කිස්ස පුරපති ධනසිරි අමරතුංග මහතාගේ උපදෙස් මත රත්මලාන මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරී කොට්ඨාසයේ පිහිටි රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තු අංගනයේ කරන ලද නිරීක්ෂණ චාරිකාවේදී දුම්රිය නිලධාරියා අත්අඩංගුවට ගත් බව ප්‍රධාන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය සමන්තිකා මෙත්ටිච් මහත්මිය පැවසුවාය.

මේ පරීක්ෂණයට ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී වසන්ත පුෂ්පකුමාර ඒ. ඩබ්. ඇම්. විජේසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා දෙහිවල ගල්කිස්ස මහනගර සභාව මගින් මෙම වැටලීමට පෙරාතුව අදාළ ස්ථාන පිරිසුදු කර ගන්නා ලෙසට දැනුම් දී තිබේ. එම නිවේදන නොතකා කටයුතු කළ පුද්ගලයන් 200කට අධික පිරිසක්ද දෙහිවල රත්මලාන ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගැනුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා