වාහන වංචාවකට නඩු පැවරූ පැමිණිලිකරුවකුට මරණීය තර්ජන කළ පුද්ගලයෙක් ඇප මත මුදාහරී

වාහන වංචාවකට නඩු පැවරූ පැමිණිලිකරුවකුට
මරණීය තර්ජන කළ පුද්ගලයෙක් ඇප මත මුදාහරී

* පොලිසියට සෑම මසකම වාර්තා කරන්නත් නියම වෙයි
* වැඩිදුර විභාගය මැයි 15 වැනි දිනට කල් තබයි

වාහන වංචාවක් සම්බන්ධ නඩු පැවරුවේ යැයි මරණීය තර්ජන එල්ල කළ පුද්ගලයකු සපුගස්කන්ද පොලිසිය මගින් ගම්පහ අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව රුපියල් 5000/- ක මුදල් ඇපයක්ද, රුපියල් ලක්ෂ දෙක බැගින් වු පුද්ගල ඇප පහක් මත මුදාහැරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වාර්ණාධිපති මහත්මිය නියෝග කළාය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සැකකරු පැමිණිලිකරු සමඟ වාහන ගනුදෙනුවක් කර විශාල වංචාවක් කර ඇති බැවින් අධිකරණයේ නඩු පැවරීම මත මෙසේ මරණීය තර්ජන එල්ල කරන බවය.

සාපරාධි බිය ගැන්වීම කර ඇති බවටද පැවැසීය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පැවැසුවේ මරණීය තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එම නිසා සැකකරුට ඇප ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියාය. මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු කෙරෙහි අවධානය යොමුකොට පැවැසුවේ පොලිසියේ කටයුතු ප්‍රමාද නම් උසස් නිලධාරින්ට දැනුම් දිය හැකි බවයි. හැම උසාවි සටහනක්ම පොලිස් පොත්වල නඩු සම්බන්ධව ඒ ඒ නිලධාරින් සටහන් කරනවා. 

උසස් නිලධාරින් ලේඛන පොත් බලනවිට අඩුපාඩු දකීවි. යමෙකුට ඇප ලබා දුන්නද එයද රිමාන්ඩ් භාරයේ සිටිනවා වැනිය. නීතිය ක්‍රියාත්මක කරන්නේ අධිකරණ පොතේ පිළිවෙළටයි. අදාළ සැකකරුට ඇප නියම කළ අතර, ඇප ලබා ගැනීමෙන් පසු සෑම මසම පොලිසියේ වාර්තා කරන ලෙසටද සැකකරුට නියෝග කළාය. වැඩි දුර විභාගය මැයි 15 දිනට කල් තැබුවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා