ඉංගිරිය හොරණ ප්‍රදේශයේ ගොවීන් 25කට කොම්පෝස්ට් සකස් කිරීමේ උපකරණ

ඉංගිරිය හොරණ ප්‍රදේශයේ ගොවීන් 25කට කොම්පෝස්ට් සකස් කිරීමේ උපකරණ

ඉංගිරිය ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් හොරණ ප්‍රදේශයේ තෝරාගත් ගොවීන් 25 දෙනකු සඳහා කොම්පෝස්ට් (කාබනික පොහොර) සකස් කිරීමේ උපකරණ කට්ටල බෙදාදීම පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය. මේ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදී ඇත්තේ බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා විසින් පෝරුවදණ්ඩ කලාපයේ ඩී. ඩී. සිරිපාල මහතාට උපකරණ කට්ටලයක් ලබා දෙනු ලැබූ අයුරු. හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග , ගොවිජන සංවර්ධන නිලධාරි ශානිකා නුගවෙල මහත්ම මහත්මීහු මෙහි වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා