පන්දු හයේ ස්නූකර් දෙවැනි වටය 23දා

පන්දු හයේ ස්නූකර් දෙවැනි වටය 23දා

ශ්‍රී ලංකා බිලියර්ඩ් හා ස්නූකර් සංගමය විසින් දෙවැනි වරටත් මෙහෙයවනු ලබන පන්දු හයේ ස්නූකර් තරගාවලියේ දෙවැනි වටය 23 වැනිදා සුගතදාස හෝටල් සංකීර්ණයේ පිහිටි එම සංගම් මූලස්ථාන ශාලාවේදී ඇරැඹේ.‘රවුන්ඩ් රොබින්’ ක්‍රමයට අනුව පැවැත්වෙන දෙවැනි වටයේදී පළමු වටයෙන් ජයගත් ක්‍රීඩකයන් 16 දෙනකු හා ස්නූකර් ජාතික සංචිතයේ ක්‍රීඩකයන් 24 දෙනකු අතර තරග පැවැත්වේ.

දෙවැනි වටයෙන් තෝරාගනු ලබන ජයග්‍රහකයන් 16 දෙනකු පිළිමලුන් පිටුදැකීමේ වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. පසුගියදා පැවැති මෙහි පළමු වටයේදී ක්‍රීඩකයන් 46 දෙනකු තරග වැදුනු අතර ඉන් පළමුවැනි ස්ථානය අත්කර ගැනීමට එච්. ඒ. ජී. දේවප්‍රිය සමත් විය. මොහොමඩ් ගසාලි දෙවැනි ස්ථානය අත්කර ගත්තේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා