ජගත් ක්‍රිකට් විස්තර ප්‍රකාශක රනිල් අබේනායක සදහටම සමුගනියි

ජගත් ක්‍රිකට් විස්තර ප්‍රකාශක රනිල් අබේනායක සදහටම සමුගනියි

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර ප්‍රකාශක ක්‍රිකට් තණතිලි සෑදීමේ මුල්පෙළේ උපදේශක, ක්‍රිකට් පුහුණුකරු හා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ හිටපු ක්‍රිකට් නායක රනිල් අබේනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ අභාවප්‍රාප්ත විය. 57 වැනි වියෙහි පසුවූ ඒ මහතා හෘදයාබාධයකින් මියගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙක් පැවැසීය.

රනිල් අබේනායක මහතා කොළඹ එස්.එස්.සී. හා එංගලන්තයේ බෙඩ්ෆෝඩ්ෂයර් ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කළේ ය. වසර 2002 දී ක්‍රිකට් පරිපාලනය භාරව කටයුතු කළ නිලධාරියෙකු වූ ඒ මහතා පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ද විය. එක්සත් අරාබි එබීර් රාජ්‍යයේ පිහිටා ඇති ‘ටෙන්ස්පෝර්ට්ස්’ ආයතනයේ විස්තර ප්‍රකාශකයෙකු ලෙස ඒ මහතා සම්බන්ධව සිටියේ ය.

වසර 1973 දී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ක්‍රිකට් නායකත්වයට පත් වූ රනිල් අබේනායක මහතා පසුව එම විදුහලේම ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළේ ය. අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගේ කණ්ඩායමටද ක්‍රීඩා කළ ඔහු එස්.එස්.සී.තණතිල්ල භාරව සිටියේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා