ප්‍රවීණයන්ගේ ජාතික වොලිබෝල් මාර්තු 3-4 දිනවල පොතුපිටියේදී

ප්‍රවීණයන්ගේ ජාතික වොලිබෝල් මාර්තු 3-4 දිනවල පොතුපිටියේදී

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ වොලිබෝල් සංගමය මෙහෙයවන වාර්ෂික ප්‍රවීණ ක්‍රීඩකයින්ගේ ජාතික වොලිබෝල් තරගාවලිය ලබන මාර්තු 03 සහ 04 යන දෙදිනේදී වාද්දුව පොතුපිටිය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පිරිමි තරග අවු: 40, අවු: 50 සහ අවු: 60 යන වයස් සීමාවන් යටතේද කාන්තාවන්ට එක් තරගයක් අවු: 30න් ඉහළ අය සඳහාද පැවැත්වේ.

මෙම වොලිබෝල් තරගමාලාවට මෙවර කණ්ඩායම් වෙනදාට වඩා ඉදිරිපත් වේ යැයි සංවිධායකවරු බලාපොරොත්තු වේ. මෙම ප්‍රවීණ ජාතික වොලිබෝල් තරගමාලාව පිළිබඳව තොරතුරු රැගත් විස්තර පත්‍රිකාවක් පසුගිය ඔක්තෝම්බර් මාසයේ රටපුරා ඇති ප්‍රවීණයන්ගේ වොලිබෝල් සංගම්වලට යවා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා