ශවේන්ද්‍ර ඉවත්කිරීම ගැන රජය සොයා බලනවා

ශවේන්ද්‍ර ඉවත්කිරීම ගැන රජය සොයා බලනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමසාධක කටයුතු පිළිබඳ උපදේශක කමිටුවෙන් ඉවත් කිරීම පිළිබඳව රජය සොයා බලන බව නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැති නියෝමාල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කළේය.

ෂවේන්ද්‍ර සිල්වා මහතා සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ අයකු බවත් එතුමා වෙනුවෙන් රජය පෙනී සිටින බවත් නියෝමාල් පෙරේරා මහතා සඳහන් කළේය. විදේශ සේවයේ පළමු ලේකම් තනතුරට විදේශ සේවයෙන් පරිබාහිර නිලධාරීන් බඳවාගෙන නැතැයි ද මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පළමු ලේකම්වරයකු නොවන බවද ඇමැතිවරයා කීය.

ෂවේන්ද්‍ර සිල්වා මහතා එක්සත් ජාතින්ගේ සාම සාධක කටයුතු පිළිබඳ උපදේශක කමිටුවෙන් ඉවත් කිරීම පිළිබඳ රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා