කතරගම මැණික් ඉල්ලම් බිම රු. කෝටි 27කට වෙන්දේසි වෙයි

කතරගම මැණික් ඉල්ලම් බිම රු. කෝටි 27කට වෙන්දේසි වෙයි

මහත් ආන්දෝලනයකට පත් වූ කතරගම මැණික් ඉල්ලම ඊයේ රුපියල් කෝටි විසිහතක මුදලකට වෙන්දේසි විය. ශ්‍රී ලංකා ඉතිහාසයේ මැණික් ඉල්ලමක් මේ තරම් විශාල මුදලකට අලෙවි වූ ප්‍රථම අවස්ථාව බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා ‘දිනමිණට’ ඊයේ (23) පැවසීය.

පර්චස් 10 සිට 15 දක්වා ඉඩම් කැබලි හතලිස් නවයක් මෙලෙස වෙන්දේසි කර තිබේ. මැණික් ව්‍යාපාරිකයන් හාරසියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් තිස්සමහාරාම ප්‍රාේදශීය සභාවේ සම්මන්ත්‍රණ ශාලාවේදී මේ වෙන්දේසිය ඊයේ (23) පැවැත්වුණි. වෙන්දේසිය සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් කිසිදු අවම ගාස්තුවක් ඉදිරිපත් නොකළ බවත් සමහර ඉඩම් කැබලි රුපියල් කෝටි දෙකකට අලෙවි වූ බවත් ගල්හේන මහතා පැවැසීය.

ලොව වැඩිම ඉල්ලුමක් ඇති නිල් මැණික් ඇතැම් මැණික් වර්ග රැසක්ම මේ ඉඩම්වල ඇති බව අනාවරණය වී තිබේ. මේ වනවිට මේ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩසටහනක් පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා