මාවතගම කොස්පොතු ඔය හරහා සංගිලි පාලම දිරලා

මාවතගම කොස්පොතු ඔය හරහා සංගිලි පාලම දිරලා

රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යා කරමින් කොස්පොතු ඔය හරහා ඉදිකර ඇති සංගිලි පාලම දැනට ඉතා අබලන් තත්වයක පවතී.

වසර සියයකටත් වඩා පැරැණි මේ පාලමේ තහඩු සහ කම්බි දිරාපත්වී ඇත. එමගින් වාහන ගමනා ගමනයට මහත් තර්ජනයක් එල්ල වී තිබේ. මේ පාලම පිළිසකර කිරීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ගය සොයා බැලීම පිණිස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් විජේසිංහ මහතා පසුගියදා එහි ගියේය.

මන්ත්‍රීවරයා පාලම නිරීක්ෂණය කළ අයුරු.
ඡායාරූප : හිරියාල සමූහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා