අතීතයේ සිටම අමෙරිකාව අපට ද්‍රෝහිවෙලා

අතීතයේ සිටම අමෙරිකාව අපට ද්‍රෝහිවෙලා

නිදහස් රටක් ලෙස පිළිගන්නත් බෑ කීවාලු

අද පමණක් නොව අතීතයේ සිටම අමෙරිකාව ශ්‍රී ලංකාව, ශ්‍රී ලාංකීය ජාතියේ අභිමානය හෑල්ලුවට ලක් කරන බව කදිම සාක්‍ෂියක් අපට හමුවිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂ සැසියේ දී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩන්නේ යැයි චෝදනා නැගීමට මෙදා සූදානම් වන අමෙරිකාව, මීට දශක හයකට පෙර යටත් විජිත වාදීන්ගෙන් නිදහස් වූ අපේ රට “නිදහස් රටක්” ලෙස නම් කිරීමට පවා මැළි වූ අයුරු පහත ඉදිරිපත් කරන සාක්‍ෂියෙන් කදිමට බුද්ධිමත් පාඨක ඔබට පැහැදිලි වෙයි.

ඒ සාක්ෂිය අප වෙත ගෙන ආවේ අප සහෝදර පුවත්පත වන ඩේලිනිව්ස් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වඩ් අරඹේවෙල මහතායි. වසර 1968 ඔක්තෝම්බර් 31 සහ වසර 1969 ජනවාරි 21
\

සිලෝන් ඉන්දියා යනුවෙන් ලිපිනය සඳහන් ලියුම් කවරයක්.

දිනවල දී “වර්ල්ඩ් පීස් ෆැමිලි” නමැති තම සංවිධානය වෙත ලිපි යොමු කරන ප්‍රකට අමෙරිකානු පුවත්පතක් වන “ද නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පත මෙරට ලිපිනය ලෙස දක්වා තිබුණේ “සිලෝන්, ඉන්දියා” යනුවෙනි.

එවකට අප රට බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් නිදහස ලබා තිබුණි.

එසේ වුවත් මෙරට “නිදහස්” රටක් ලෙස හැඳින්වීමට පවා එදා අමෙරිකාව සූදානම් වී නොතිබූ බවට මේ සාක්‍ෂිය කදිම උදාහරණයකි.

ානව හිමිකම්, පුද්ගල හිංසන පිළිබඳව ලෝකයටම බණ දේශනා කරමින් කටයුතු කරන අමෙරිකාව, ඔවුන් අතින් සිදුවන හිමිකම් කඩවීම් ගැන කතිකා කිරීමට හෝ සමාව ගැනීමට හෝ සූදානමක් නැති බව දක්නට ඇතැයි අරඹේවෙල මහතා පෙන්වා දුන්නේය.

තම ලිපිනය පිළිබඳව දක්වා තිබූ වැරැදි සඳහන නිවැරැදි කරන්නැයි එදා කළ ඉල්ලීමට පවා ප්‍රතිචාර දැක්වීමට අමෙරිකානු පුවත්පත ක්‍රියා නොකළ බව කී අරඹේවෙල මහතා, අද ද අමෙරිකාව ක්‍රියා කරනුයේ එවන් මානසිකත්වයකින් බව “මානව හිමිකම්” නමින් අපට චෝදනා නඟමින් කරන කෙනහිලිකම්වලින් ප්‍රදර්ශනය වන බව කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා