ඉක්බාල් ආසියානු තරගාවලියට නෑ

ඉක්බාල් ආසියානු තරගාවලියට නෑ

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් එළැඹෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කළ බංග්ලාදේශ කණ්ඩායමෙන් ඉවත් කළ බව එරට ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කළහ.

ලබන 11 වැනිදා බංග්ලාදේශයේදී ඇරැඹෙන ආසියානු කුසලාන තරගාවලියට නම් කළ 14 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ කණ්ඩායමට හිටපු නායක මෂ්රාෆී මොර්ටසා ඇතුළත් කළද ටමීම් ඉක්බාල් ඇතුළත් නොවීම එරට ක්‍රිකට් පිටියේ ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය.

බංග්ලාදේශයේ අංක එකේ පිතිකරු ලෙස පිළිගැනෙන ඉක්බාල් කණ්ඩායමට ඇතුළත් නො කිරීමට පියවර ගෙන ඇත්තේ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මුස්තෆා කමාල් බව තේරීම් කමිටු ප්‍රධානී අක්රාම් ඛාන් කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා