මොරටු රන් සටන හෙට ඇරැඹේ

මොරටු රන් සටන හෙට ඇරැඹේ

මොරටු රන් සටන යනුවෙන් විරුදාවලිය ලත් ලුනාව කලපුව දෙපස පිහිටි දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් දෙකක් වන වේල්ස් කුමර විදුහලත් සාන්ත සෙබැස්තියන් විදුහලත් අතර වාර්ෂිකව පැවැත්වෙන 62 වෙනි මහා ක්‍රිකට් තරගය මාර්තු මස 9 සහ 10 යන දිනවල දී මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර 27 වාර්ෂික එක්දින තරගය මාර්තු මස 11 වන දින එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

දැනට පවත්වා ඇති තරග 61 න් හයක් වේලස් කුමර විදුහල ජය ලබා ඇති අතර සාන්ත සෙබැස්තියන් විදුහල තරග තුනක් ජයග්‍රහණය කර ඇත. සෙසු තරග 52 කම ජය පරාජයෙන් තොරව කෙළවර වී ඇත. මෙම තරගයේ දී වේල්ස් කුමර විදුහල මෙහෙයවීමේ භාග්‍යය ලබා ඇත්තේ තුන්වෙනි වසරේ වර්ණලාභි තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන තරිඳු ඩිල්ශාන්ට වන අතර ඔහුගේ උප නායක ලෙස කටයුතු කරන්නේ තුන්වන වසරේ වර්ණලාභි තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ආරම්භක පන්දු යවන හෂාන් ප්‍රනාන්දුය.

මෙවර සාන්ත සෙබැස්තියන් විදුහලට නායකත්වය දෙන්නේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික හතරවන වසරේ වර්ණ ලාභි තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන මෙම පාසල් වාරයේ දී කඩුළු 99 ක් දවාගෙන ඇති අමිල අපෝන්සු ය. ඔහුගේ උප නායක ලෙස ක්‍රියා කරන්නේ දෙවන වසරේ වර්ණලාභි තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන නිශ්මාල් ප්‍රනාන්දු ය. සාන්ත සෙබැස්තියන් විදුහලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන්නේ දෙවන වසරේ වර්ණලාභියකු වන ලුක් ජයදේව පසුගිය වසරේ දී තම පාසලේ ජය වෙනුවෙන් දේශාන් ඩයස් සමඟ හොඳ සබඳතාවයක් ගොඩනැගීය.

අනුෂ්ක පෙරේරා තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන දකුණතින් පා දඟ පන්දු යවන පළමු වසරේ ක්‍රීඩකයෙකි. අනුක් ප්‍රනාන්දු, සනිත ද මෙල් සමඟ ආරම්භක පන්දු යවන්නා වන අතර තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන වමතින් පිත්ත හසුරුවන වමතින් පන්දු යවන පළමු වසරේ ක්‍රීඩකයෙකි.

වේල්ස් කුමර විදුහල් පිල - ඉදිරි පෙල වාඩි වී – (වමේ සිට දකුණට) චාමික ප්‍රනාන්දු, අකිල බණ්ඩාර මහතා (ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්ය), අශේන් මෙන්ඩිස්, සුසන්ත මෙන්ඩිස් (ක්‍රීඩා භාර ආචාර්ය) තරිඳු ඩිල්ශාන් (නායක), ඩබ්. ඩී. ජයසේන මහතා (විදුහල්පති), හෂාන් ප්‍රනාන්දු (උප නායක), සුරංග විජේනායක (පුහුණුකරු), කුසල් මෙන්ඩිස්, නලින්ද දිසානායක (උප පුහුණුකරු) පසුපෙල සිට ගෙන – (වමේ සිට දකුණට) – තිලාන් නිමේෂ්, දිදුලන මේදිස්, සෙනාල් චේතක, නවිඳු ජනීෂ, සචින් සිල්වා, සුචිර ප්‍රනාන්දු, ගයාන් චාමර, සචිත් පුෂ්පකුමාර, ක්‍රිෂේන් අපෝන්සු, ජයාංග පීරිස්, ෂනුක දුලාජ්, දේවක දාබරේ.

සාන්ත සෙබස්තියන් විදුහල් පිල- පසුපෙල වමේ සිට දකුණට - සචින්ද ගුණවර්ධන, පෙශාන් ඇන්තනි, ඉසුරු මෙන්ඩිස්, සංගීත් කුරේ, සචින්ත ෆොන්සේකා, අනුක් ප්‍රනාන්දු, කුසල් සිල්වා, ෂාන් ප්‍රනාන්දු, මාර්වෙල් ප්‍රනාන්දු, කලක සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු. ඉදිරිපෙල වාඩිවි – වමේ සිට දකුණට – පසාන් වනසිංහ මහතා (පුහුණුකරු), ලුක් ජයදේව, නිශමාල් ප්‍රනාන්දු (උප නායක), ගරු බොනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමා (විදුහල්පති), අමිල අපෝන්සු (නායක), ප්‍රෑන්ක් කුරේ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), සනිත ද මෙල්, අනුෂ්ක පෙරේරා, කල්ප ප්‍රනාන්දු මහතා (උප පුහුණුකරු), ඡායාරූපය - මොරටුව වාර්තාකරු ඩිල්වින් මෙන්ඩිස්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා