හරකාගේ අං දෙකේ පැටලුණු මල්වඩම දැක තරුණයා සිහිසුන් වෙලා

හරකාගේ අං දෙකේ පැටලුණු මල්වඩම දැක තරුණයා සිහිසුන් වෙලා

පුතා කරපින්නා ගත් පියා ගෙදරට පයින්ම ගිහින්

පිටිසරබද ගම්මානයක උපත ලද රමේෂ්ට ලැබුණු රැකියාවේ තරාතිරම සහ රමේෂ් ගේ ගමට ඇති දුර ප්‍රමාණය අනුව දිනපතා යෑම ඒම ගැටලුවක් විය. එයින් කෙසේ හෝ අගනුවර නැවතී රැකියාවේ නිරත වීමට සිදුවිය.

රමේෂ් ගේ පළමු මාසික වේතනය ලබාගත් පසු නිවෙසට ගොස් මවුපියන් බැහැ දැකීමට සිත් වී ආයතනාධිපති තුමා ගෙන් අවසර ලබා ගත්තේ ය. ගම් ප්‍රදේශය බලා පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය ද පසුවෙමින් තිබුණි. අඩ සඳීන් විහිදුන ආලෝකයෙන් රබර් වතු මැදින් ඔහු ඉදිරියට පියමන් කළේ ය.

ගතවූ මාසයේ ගමේ සිදුවුන දේ නොදන්නා නිසා ඒ පිළිබඳ සිතමින් ඉදිරියට පැමිණි රමේෂ්ට කඩා වැටුණු ගොක් කොළ වැල් මළ ගෙවල් සුසාන භූමිය සිත තුළ ජනිත වන්නට විය.

රබර් ගසක අලවා තිබූ මරණ දැන්වීම රමේෂ් ගේ හද සසල කරන්නට විය. මළගෙය රමේෂ් හා එකට වැලිකෙළියේ පටන් දඟකාර කම් කළ සුදත් ගේ පියාගේ වීම අදහා ගත නොහැකි විය. මෙවන් වේදනාකාරී බිය මුසු සිතුවිලි අතර ඉදිරියට පියමන් කළ රමේෂ් ට එක් වරම සුදු මල්වඩමක් වැනි යමක් තමා ඉදිරියට එනු දැකීමෙන් උන්හිටි තැන් පවා අමතක විය. හිටි තැනම නිසොල්මන් විය. වට පිටාව තද අඳුරේ ගිලී ගොසින් ය. තව තවත් හද සසල වී ගිය රමේෂ් සිහි මුර්ජාවී ඇද වැටුනි.

රමේෂ් එන බව මවුපියන්ට ලිපියකින් දන්වා තිබුණේ ය. පියා පුතු එනතුරු මඟ බලා සිට විදුලි පන්දමක් ද රැගෙන ඉදිරියට පැමිණියේ ය. සුසාන භූමිය අසල සුදු පැහැ මල් වඩමක් පාර මැද සෙලවි සෙලවි තිබෙන බව දුටු පියා ද “ඉතිපිසො... ගාථාව“ තොල් මතුරමින් ඉදිරියටම ආවේ ය.

කයිතන්ගේ කළු ගොනා සුසාන භූමියේ සොහොන් කොතක ගැට ගසා තිබියදී පසුගියදා ආදාහනය කළ සුදත් ගේ පියා පීතරගේ සොහොන මත තැන්පත් කර තිබූ මල්වඩම අං දෙකෙහි පැටලී ඇති බව දැකීමෙන් එය පහවී ගියේ ය. ගොනා අසලට ගොස් මල්වඩම ගලවා ඉවත දැමූ පියා ඉදිරියටම පැමිණියේ ය. තම පුතු රමේෂ් සිහි මුර්ජාවී බිම වැතිර සිටිනු දැකීමෙන් සිදුවූ දේ තේරුම් ගෙන ඇත.

පුතු කර පින්නා ගත් පියා වහ වහා නිවෙස බලා ගියේ ය.

පසුදින රමේෂ්ට සිදුවූ කරදරය ආරංචි වුණු සැවොම පැමිණ රමේෂ් ගේ සිත සුවපත් කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා