බැමිණිවත්තේ ගොවි ගෙවිලියන්ට පොහොර නිෂ්පාදනය ගැන පුහුණුවක්

බැමිණිවත්තේ ගොවි ගෙවිලියන්ට පොහොර නිෂ්පාදනය ගැන පුහුණුවක්

මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිවි නැගුම වැඩසටහනට දායකත්වය ලබා දෙන ගොවි ගෙවිලියන් පිරිසකට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා ප්‍රායෝගික පුහුණුවක් බැමිණිවත්ත ගොවිජන සේවා මධ්‍යස්ථානය විසින් ලබා දෙන ලදී.

එම පුහුණුව ලත් ගොවි ගෙවිලියන් සඳහා කෘෂි උපකරණ නොමිලේ සැපයීම පසුගියදා බැමිණිවත්ත මහා විද්‍යාලයේදී සිදු කෙරිණි. එක් අයකු සඳහා රුපියල් පනස්දහසක් වටිනා ගොවි උපකරණ කට්ටල රැසක් ගොවි ගෙවිලියන් 60 දෙනකුට ලබා දුනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා