සමන්තාගම ක්‍රීඩාපිටිය වල් බිහි වෙයි

සමන්තාගම ක්‍රීඩාපිටිය වල් බිහි වෙයි

රඹුක්කන වහව සමන්තාගම ක්‍රීඩා පිටිය කිසිදු ක්‍රිඩා කටයුත්තකට හෝ පොදු කටයුත්තකට ගත නොහැකිව කැලෑවට අතහැර දමා තිබේ. වහව උප නගරයත් පැරැණි ගම් සභා කාර්යාලයත් අතර මැදිව පිහිටි මෙම ක්‍රීඩා පිටිය උදා කළ ගම්මානයක් ලෙස සමන්තාගම ආරම්භයත් සමඟ ඉදි වූවකි. රඹුක්කන කුරුණෑගල ප්‍රධාන මාර්ගය සමීපයෙහි පිහිටි මෙම ක්‍රීඩා පිටිය සංවර්ධනය කර පාසල් අතර පවත්වන කණ්ඩායම් තරග, වොලිබෝල්, දැල් පන්දු, උස පැනීම, දුර පැනීම, පාපන්දු, වැනි තරග ඉසව් පැවැත්වීමට හැකිවන අන්දමින් සකස් කර දෙන ලෙස ප්‍රදේශයේ පාසල් වල ක්‍රීඩා භාර ගුරු මහත්ම මහත්මීහු ඉල්ලා සිටිති.

නැතිනම් වෙනත් කටයුත්තකට ගෙන ජනතා සේවය සිදු කරන ආයතනයක් බවට පත් කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා