11 හැවිරිදි දැරියට ළමා නිවහනේ සභාපතිගෙන් අතවර

11 හැවිරිදි දැරියට ළමා නිවහනේ සභාපතිගෙන් අතවර

කෝපායි ප්‍රදේශයේ අනාථ නිවාසයක 11 හැවිරිදි දැරියක් එම ළමා නිවාසයේ සභාපතිවරයා විසින් අතවරයට ලක් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ළමා නිවාසයේ දරුවන් දේවපූජාවකට ගොස් සිටින අවස්ථාවක පසුගිය 9 වැනිදා රාත්‍රි 10.00 ට පමණ එම අපරාධය සිදුවී ඇති බවයි.

පොලිසියට පැමිණිල්ල ලැබී තිබුණේ පෙරේදා (12) පස්වරුවෙයි. ඒ සමඟම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ. මේ ළමා නිවාසයේ අනාථ දරුවන් 15 පමණ සිටින බව වාර්තා වෙයි. සැකකරු එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතර ඔහු ප්‍රකාශ කර තිබුණේ එම චෝදනාව අසත්‍යයක් බවයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යයි. කෝපායි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා