පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ 4ක් නාවික හමුදා අත්අඩංගුවට

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ 4ක් නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත ඛ 227 හා ඛ 238 දරන මුර යාත්‍රාවන්හි රාජකාරියේ නියුතු නාවිකයින් පිරිසක් විසින් අරිප්පු ප්‍රදේශයට නුදුරු මුහුදේ දී නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තය සඳහා යොදා ගන්නා ජෙලට්නයිට් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් 04 දෙනෙකු 12 දා අත්අඩංගුවට ගන්නා ලදී.

ාවික මුර සංචාරක යාත්‍රා පැමිණීමත් සමඟම සැකකරුවන් සතුව තිබූ පුපුරණ ද්‍රව්‍ය බහාලන ලද පාර්සලය මුහුදට දැමීමට ඔවුන් උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයින් සහ අදාළ පුපුරණ ද්‍රව්‍ය වැඩිදුර පරීක්‍ෂණ සඳහා සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.

ඩිංගි යාත්‍රාවක්, අශ්ව බල 25 පිටත දහන යන්ත්‍රයක්, ජී. පී. එස්. යන්ත්‍රයක්. එකක් ග්‍රෑම් 300 ක් වන ජෙලට් නයිට් චාජර්ස් 14 ක්, ඩෙනනේටර් (සේයට් පියුස් සමඟ) 15 ක්, අඟල් 4 ක දිගින් යුත් සේෆ්ට් ෆියුස් 02 ක්, අඟල් 1 1/2 ක දිගින් යුත් සේයට් ෆියුස් 06 ක්, මුහුණු ආවරණ 06 ක්, අත් ආවරණ, භූමිතෙල් ලීටර් 70 ක් සහ වාත්තු කරන ලද දැල් 06 ක් සොයාගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා