අතුරුදන් වූ කතගේ සිරුර සොයාගනී

අතුරුදන් වූ කතගේ සිරුර සොයාගනී

ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව ප්‍රදේශයේ ඇලක තිබී මීට දින කිහිපයකට උඩදී අතුරුදන්වූ කාන්තාවකගේ නරක් වූ සිරුරක් ඊයේ (13) උදෑසන ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සොයාගෙන ඇත.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව නරක්වූ සිරුරේ හිස් කබළ ඇතුළු කොටස් කිහිපයක් පොලිසිය සොයාගෙන ඇති අතර පසුගිය (29) වනදා කාන්තාව නිවසින් අතුරු දන්වී ඇත.  මාර්තු දෙවැනිදා ඇය අතුරු දන්වූ බව දන්වා ඥාතීන් පොලිසියට පැමිණිලි කර ඇත.

කාන්තාව මිය ගිය ආකාරය තහවුරු කර ගැනීම සඳහා ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. මියගොස් සිටියදී සිරුර සොයාගෙන ඇත්තේ ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව පදිංචිව සිටින ඩබ්. රන්මැණිකා (49) යන කාන්තාවගේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා