වැලිගෙපොළ තරුණයාගේ ඝාතනයට 17 හැවිරිදි තරුණයෙකුත් සැකපිට අත්අඩංගුවට

වැලිගෙපොළ තරුණයාගේ ඝාතනයට

17 හැවිරිදි තරුණයෙකුත් සැකපිට අත්අඩංගුවට

වැලිගෙපොල හටංගල තරුණයාගේ ඝාතනයට සැක කරණ දාහත් හැවිරිදි තරුණයකුද පොලිසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගනු ලැබීය. ප්‍රධාන සැකකරුවන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත කුමාර නොහොත් අලිබේබිගේ අනුගාමිකයකු වන මෙම තරුණයා ත්‍රිරෝද රථ රියැදුරෙකි.

රත්නපුර විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගනු ලැබීය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගෙන් සහ 17 හැවිරිදි තරුණයාගෙන් රත්නපුර විශේෂ පොලිස් ඒකකය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ අනියම් බිරියගේ නිවසකට අමිල ප්‍රදිප් නම් 21 හැවිරිදි විවාහක තරුණයා ගිය අවස්ථාවේදී ප්‍රහාරයකට ලක්වූ බව රත්නපුර විශේෂ විමර්ශන ඒකකය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එම නිවසේ සිටි කාන්තාවකගෙන්ද පොලිසිය ප්‍රශ්න කිරීම් සිදු කර තිබේ. නිවසට පැමිණි අමිලට පහරදීමක් සිදුවූ බව ඇය ප්‍රකාශ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

අත්අඩංගුවට ගනු ලැබූ 17 හැවිරිදි විජිත කුමාර නම් තරුණයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ ත්‍රිරෝද රථයක් පදවන අයෙකු බවද පොලිසියට හෙළිවී ඇත. සැකකාර ප්‍රාදේශීය මන්ත්‍රීගේ ගමන් බිමන්වලට ඔහුද නිතරම එක්වී ඇතැයි පොලිසිය කියයි. සැකකාර මන්ත්‍රීවරයා වැලිගෙපොල ප්‍රදේශයේ නීතිවිරෝධි ක්‍රියාවලට සම්බන්ධ අයෙක් බවද පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා