පෙබරවාරියේ විදුලි සොරුන් 290ක් අත්අඩංගුවට

පෙබරවාරියේ විදුලි සොරුන් 290ක් අත්අඩංගුවට

රු. ලක්‍ෂ 177ක දඩ ආදායමක්

ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පෙබරවාරි මාසයේ දී සිදු කළ වැටලීම් වලින් අයථා අයුරින් විදුලිය ලබාගත් පුද්ගලයින් 290 දෙනෙකු අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 177ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත. ඒ අතරින් සිද්ධීන් 165ක් වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය ලබාගැනීම් වන අතර, ඉතිරි සිද්ධීන් 125 කොකු යොදා අයථා ලෙස විදුලිය ලබාගැනීම් ලෙස හඳුනාගෙන තිබේ.

මේ වසරේ ජනවාරි මස ලංවිම මගින් සිදුකළ හදිසි වැටලීම් තුළින් විදුලිය සොරුන් 331ක් හඳුනාගෙන ඇති අතර ඒ තුළින් රු. ලක්ෂ 215කට අධික ආදායමක් උපයාගෙන තිබේ. මේ දත්තයන් පෙබරවාරි මස වැටලීම් දත්තයන් සමඟ සසඳා බැලීමේදී ජනවාරි මසට වඩා පෙබරවාරි මස තුළ සිදුවී ඇති වංචාසහගත ලෙස විදුලිය ලබාගැනීම් යම් පමණකින් අඩුවී ඇති බව පැහැදිලි වේ.

ඉදිරියේ වරදකරුවන් ලෙසින් හඳුනාගන්නා පුද්ගලයින්හට දැඩි දඬුවම් ලබාදෙන අතරම මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි අවස්ථා 02 කදී වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධව වැරදිකරුවන් වන පුද්ගලයින්ගේ විදුලි සබඳතා යළිත් ලබාගත නොහැකිවන පරිද්දෙන් විසන්ධි කරන බවට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා