ගංජා සමඟ දෙදෙනෙක් මාතර දී කොටුවෙති

ගංජා සමඟ දෙදෙනෙක් මාතර දී කොටුවෙති

ගංජා මිලිග්‍රෑම් (54560) සමඟ පුද්ගලයන් දෙදෙනකු මාතර දී අත්අඩංගුවට ගෙන ඇත. මාතර දූෂණ මර්දන අංශයේ නිලධාරින් සිදුකළ වැටලීමේදී ත්‍රීවිලර් රථයේ තබාගෙන ගංජා මිටි ප්‍රවාහනය කළ එක් පුද්ගලයකු තුඩාව පාලම අසලදී ගංජා මිලිග්‍රෑම් 10400 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

පෞද්ගලික වාහනයක රියදුරකු වශයෙන් සේවය කරන 70 හැවිරිදි පුද්ගලයකු ගංජා මිලිග්‍රෑම් 44160 සන්තකයේ තිබියදී මාතර කොස්පරවත්ත ප්‍රජාශාලාව අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

පෞද්ගලික වාහනයේ රියදුරා තම වාහනයෙන් තණමල්විල ප්‍රදේශයට ගියවිට වාහනයෙන් ගංජා ගෙනැවිත් බෙදාහරින පුද්ගලයෙක් බව තොරතුරු හෙළිකරගෙන ඇත.සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා සහ ගංජා තොගය ඊයේ (13) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා