ඉන්දීය දුම්රිය ඇමැති ත්‍රිවේදි ඉල්ලා අස්වෙයි

ඉන්දීය දුම්රිය ඇමැති ත්‍රිවේදි ඉල්ලා අස්වෙයි

ඉන්දීය දුමිරිය ඇමැති දිනේෂ් ත්‍රිවේදි පෙරේදා සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහුගේ දුම්රිය ගාස්තු වැඩි කිරිමේ යෝජනාව සම්බනධයෙන් ඇතිවූ ආරෝව ඊට හේතු වී ඇත.

මෙය දුෂ්කර සංශෝධන සහිත රජයේ ඉදිරි ගමන අඩාල වීම කෙරේ බලපාන්නක් වනු ඇතැයි පැවසී ඇත. සභාග රජයේ මූලික පාර්ශ්වයක් වන තෘණමූල කොංග්‍රස් පක්ෂයේ ඇමැතිවරයකු වන ඔහු සිය ඉල්ලා අස්වීම අගමැති මන්මෝහන් සිං වෙත ඉදිරිපත් කර තිබිණ.

ඉකුත් බදාදා, අටඅවුරුද්දකට පසු පළමුවරට සිදුකරන දුම්රිය ගාස්තු වැඩි කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කරන ලද අතර එය සෙසු තෘණමූල පක්ෂ නායකයන්ගේද දැඩි විරෝධයට හේතුවූ අතර එම යෝජනාව වහා ඉල්ලා අස් කර ගත යුතු බව ඔවුන් කියා තිබිණ.

එහෙත් දින 5 ක් තිස්සේ සිය ස්ථාවරයේ ම ගැලී සිටි ඔහු තෘණමූල පක්ෂ නායිකා මමතා බැනර්ජි ගේ ඉල්ලීම පරිදි තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව අවසානයේදී ප්‍රකාශ කළේය. රජයේ නොහැකියාව පිළිබඳ දැඩි විවේචන අවුළුවා ලීමට මේ තීරණය ඉවහල් වනු ඇතැයි පැවසී ඇත්තේ කොංග්‍රස් පක්ෂය ප්‍රමඛ සභාගයට අයත් සෙසු පක්ෂ පාලනය කරගැනීමට අගමැති මන්මෝහන් සිංට නොහැකිව ඇතැයි යන චෝදනාවත් සමඟය.

අල්ලස් චෝදනා මතින් රජය දැනටත් අපකීර්තියට පත්ව ඇති අතර මූල්‍ය වෙළෙඳ පොළ දැඩි බලපෑම් මත වියදම් කප්පාදුවට පෙළඹී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා