බොලීවියාවේ අ‍මෙරිකා තානාපති කාර්යාලය

බොලීවියාවේ අ‍මෙරිකා තානාපති කාර්යාලය වසා දමනවා ජනපති මොරාලස් අනතුරු අඟවයි

බොලීවියාවේ එක්සත්ජනපද තානාපති කාර්යාලය වසා දමන බවට එරට ජනාධිපති ඊවෝ මොරාලස් පෙරේදා අනතුරු ඇඟවූයේය.

ඔහු මෙම අනතුරු ඇඟවීම සිදුකළේ එක්සත් ජනපදය එරට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන බවට චෝදනා කරමිනි. ඒ අනුව තවදුරටත් මේ ඇඟිලි ගැසීම් සිදුවන්නේනම් එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා දැමීමේ ක්‍රියාවලියට අනුගත වන බව ඔහු කියා සිටියේය. රටේ අභ්‍යන්තර ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් මෑත සති කීපයක සිට ඔහු ජන විරෝධතාවන්ට මුහුණ දී සිටින අතර සිය රජයට එරෙහි විරෝධතා අවුලුවාලීමට එක්සත් ජනපදය ප්‍රයත්න දරණ බව ට ඔහු චෝදනා කර ඇත.

“දැනට සිදුවන පරිද්දෙන් එක්සත් ජනපදය බොලීවියාව කෙරේ තවදුරටත් අවධානය යොමුකරමින් සිටින්නේනම් එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා දැමීම කළ හැකි හොඳම ක්‍රියාවයි. අපි හැමවිටම අධිරාජ්‍ය වාදී විරෝධීන් වන්නෙමු. ධනවාදී විරෝධීන් වන්නෙමු. එමෙන්ම නව ලිබරල් වාදී වි‍රෝධීන් වන්නෙමු ‘යැයි ඔහු කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා