ටොංගාහි 5වැනි ජෝර්ජ් රජු මිය යයි

ටොංගාහි 5වැනි ජෝර්ජ් රජු මිය යයි

දකුණු පැසිපික් රටක්වන ටොංගා හි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණෙන් බලය අත්හළ පස්වැනි ජෝර්ජ් ටියුපෝ රජු පෙරේදා මිය ගිය බව එරට අගමැති ටියු ඉවාකානෝ ප්‍රකාශ කළේය. මිය යන විට ඔහු 63 වන වියේ පසුවිය.

2006 දී ඔහු සිය පියාගේ අභාවයෙන් පසු රජකමට පත්විය‍. ටියුපෝ රජු මියගියේ හොංකොං රෝහලකදීය.ඔහුගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළකරන නවසීලන්ත අගමැති ‍ජෝන් කී 115000 ක ජනතාවක් සි‍ටින ටොංගා හි ටියුපෝ ඇතිකළ සංශෝධන පිළිබඳව සිය උපහාරය පුද දෙන බව කීවේය.

රටේ වෙනසක් ඇතිකිරීමේ මෙවලමක් ලෙස රජකම උපයෝගීකරගතහැකැයි පැවසූ ටියුපෝ එරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා දාමයේ නිර්මාතෘ ලෙස සැලකේ . ‍

ඔහුගේ මරණයට හේතුව නොදන්නා නමුත් පසුගිය වසරේ ලොස්ඇන්ජලීස් හිදී ඔහුගේ වකුගඩුවක් ඉවත්කරන ලද්දේ එහි පිළිකා වර්ධනයක් පෙන්නුම් කළ නිසා බව පැවසී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා