නේපාල රජය දාල්ගේ පුතුට දුන් 'එවරස්ට්' සල්ලි යළි රජයටම

නේපාල රජය දාල්ගේ පුතුට දුන් 'එවරස්ට්' සල්ලි යළි රජයටම

නේපාල පාලක මාඕවාදී පක්ෂයේ නායක පුෂ්පකමල් දාල් ගේ පුත් ප්‍රකාශ් සිය පියාගේ රජය විසින් එවරස්ට් කඳුතරණය සඳහා ලබා දුන් ඩොලර් 250000 ක මුදල ලබාගැනීම විපක්ෂයේ දැඩි බලපෑම් මැද පෙරේදා ප්‍රතික්ෂෙප කළේය.

මේ මූල්‍ය ප්‍රදානය පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග විපක්ෂ ක්‍රියාකාරීන් අගමැති බාබුරාම් බට්ටාරි ගේ පඹයන් පුළුස්සමින් ‍ඒසම්බන්ධයෙන් රට පුරා දැඩි විරෝධතා අරඹන බවට අනතුරු අඟවන ලදී ‍.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ් කීවේ ජනතා මතයට ගරු කරමින් එම මුදල යළි රජයට බාරදෙන බවය. ඒ සමගම එම මුදල 2006 අවසන් වූ දස අවුරුදු සිවිල් යුද්ධයේදී මියගිය 16000 කගේ පවුල්වලට ලබාදෙන ලෙසද ඔහු ඉල්ලා සි‍ටියේය.එහෙත් ජන විරෝධය නොවන්නට කඳුතරණය කරන්නකු වන ප්‍රකාශ් එම මුදල පරිහරණයට ගනු නොඅනුමානයයි විපක්ෂය කියා ඇත.

මුලින් ඔහු කියා තිබුණේ රටේ ජනතාව ,සාමය හා ව්‍යවස්ථාව වෙනුවෙන් එවරස්ට් කඳුතරණයේ අභියෝගය ජයගැන්මට තම කණ්ඩායම සූදානම් බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා