පාකිස්තානයේ ගැටුම්වලින් සටන්කාමීහු 51ක් මිය යති

පාකිස්තානයේ ගැටුම්වලින් සටන්කාමීහු 51ක් මිය යති

පාකිස්තානයේ අරගලකාරී වයඹ දිග ප්‍රදේශයේදී ඉකුත් සතියේ ආරක්ෂක හමුදාව හා සටන්කාමීන් අතර ඇතිවූ සටන්වලින් සටන්කාමීන් 51 දෙනකු හා සෙබළු සිවුදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

පාකිස්තාන ප්‍රහාරක යානා පෙරේදා ඇෆ්ගන් දේශසීමා බද ගෝත්‍රික තීරුවට බෝම්බ දැමීමෙන් සටන්කාමීන් 26 දෙනකු ඝාතනය වී ඇත.

තවත් 15 දෙනෙකුට තුවාල සිදුව තිබේ.තවද ඔවුන්ගේ තිප්පොළවල් 7 ක් පමණ බිමට සමතලා කර ඇත.

මේ තලේබාන් සටන්කාමින්ගේ බලප්‍රදේශයක් ලෙස සැලකෙන ඉහළ ‍ඔරක්සායි ප්‍රදේශයේ වැඩිවශයෙන් සටන් ඇවිළී ගිය බව සඳහන්ය.

මීට අතිරේකව බාරා ප්‍රදේශයේදී සටන්කාමීන් 25 දෙනකු හා හමුදා සෙබළුන් සිවුදෙනකු ඝාතනය වී ඇත. මේ සියලු ඝාතන සිදුව ඇත්තේ මාර්තු 12 දා සිට පෙරේදා දක්වා කාලයේදීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා