සිවිල් ආරක්‍ෂක නිලධාරීන්ට උසස්වීම් දීම ප්‍රමාදයි

සිවිල් ආරක්‍ෂක නිලධාරීන්ට උසස්වීම් දීම ප්‍රමාදයි

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පැවැත්වූ නියාමක, උප නියාමක සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත්වූ නිලධාරීන්ට මේ වනතෙක් එම උසස්වීම් ලබා දී නොතිබීම ගැන ඔවුහු මැසිවිලි නඟති. එයට අමතරව පසුගිය වසරේදී මේ නිලධාරීන් සඳහා සම්මුඛ පරීක්‍ෂණයක් පවත්වා සමත් වූ අයට මෙතෙක් උසස්වීම් ලබා දී නැත.

අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව මේ සම්මුඛ පරීක්‍ෂණ දෙකෙන් සමත්ව උසස්වීම් ලැබීමට සුදුසුකම් ලබා සිටින සියලුම සිවිල් ආරක්‍ෂක නියාමකයන්ට සාධාරණයක් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා